
නව කොරෝනා වයිරසයෙන් මෙක්සිකෝවට දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර එරට ඇතැම් ප්‍රාන්තවල ආණ්ඩුවල මරණ සහතික හිඟයක් ඇති වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය හේතුවේන මෙක්සිකෝවෙන් වාර්තා වන ආසාදිතයන්ගේ සහ වයිරස ආසාදිත මරණ ගණන වේගයෙන් වැඩිවෙමින් තිබේ.
මේ හේතුවෙන් එරට ආසන්න වශයෙන් ප්‍රාන්ත තුනක මරණ සහතික සහ ඒවා නිකුත් කිරීමට අවශ්‍ය ෆෙඩරල් පත්‍රිකාවල හිඟයක් ඇති වී ඇතැයි වාර්තා වේ. දින 15ත් 20ත් අතර කාලයක සිට මෙම හිඟය පවතින බව ද වාර්තා වේ.
මෙලෙස මරණ සහතිකවල හිඟය ඇති වී තිබෙන්නේ බාජා කැලිෆෝනියා, මෙක්සිකෝ ප්‍රාන්තය සහ මෙක්සිකෝ සිටි හෙවත් අගනුවර අයත් ප්‍රදේශයේ යැයි වාර්තා වේ.
ලොව සිවුවැනියට වැඩිම නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණනක් වාර්තා වන්නේ මෙක්සිකෝවෙනි.
මෙක්සිකෝවෙන් අද (6) පස්වරු වනවිට වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 67,326කි. ලොව වයිරස ආසාදිත මරණ ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. බ්‍රසීලය එහි දෙවැනි තැනත් ඉන්දියාව එහි තෙවැනි තැනත් පසුවෙයි.
මෙක්සිකෝවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 629,409කි.
මේ අතර නව කොරෝනා වයිරසය හේතුවෙන් සෞඛ්‍ය සේවකයන් වැඩිම ගණනක් මරණයට පත්ව ඇති රට වන්නේ ද මෙක්සිකෝවයි. නව කොරෝනා වයිරසය හේතුවෙන් මෙක්සිකෝවේ සෞඛ්‍ය සේවකයන් 1,300කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ඉකුත් දා සඳහන් කළේය.
ඒ.එෆ්.පී./රොයිටර්
055
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මෙක්සිකෝවේ මරණ සහතිකවල හිඟයක්
Bamunuarachchi Monday, 07 September 2020 10:35 AM
හත් ඉලව්වයි.., ඇයි මෙක්සිකෝවේ ෆොටෝකොපි යන්ත්‍ර නැද්ද?