IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


මෙක්සිකෝවේ ගැටුම් වලින් 13දෙනකු මරුට

මෙක්සිකෝවේ උතුරු දිග ඇමෙරිකානු දේශසීමාව ආසන්නයේ ඇතිවූ ගැටුම් වලින් සැකකටයුතු තුවක්කුකරුවන් 10   දෙනකු සහ පොලිස් නිලධාරීන් සිව් දෙනකු ඝාතනය වී ඇතැයි වාර්තා වේ.

පැයකට අධික කාලයක් තිස්සේ පැවති සටන් හේතුවෙන් පොලිසියේ 6 දෙනකු ද තුවාල ලබා ඇත.

මෙම සැකකටයුතු කණ්ඩායම් ත්‍රස්තවාදීන් බවට ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කිරීම හේතුවෙන් ද්වීපාර්ශවික නොසන්සුන්තාවයන් වර්ධනය වූ බව මාධ්‍ය සඳහන් කර ඇත.

කෙසේවෙතත් මේ සම්බන්දව අදහස් දක්වමින් මෙක්සිකෝ ජනාධිපති ඇන්ඩ්‍රෙස් මැනුවෙල් ලෝපෙස් පවසා ඇත්තේ මෙක්සිකෝවේ අපරාධ කල්ලි සමඟ කටයුතු කිරීම සඳහා කිසිදු විදේශීය මැදිහත් වීමක් බාර නොගන්නා බවයි.

මෙක්සිකෝව විසින් මෙම ගැටලුව විසඳාගනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.

මීට වසරකට පෙර ඇන්ඩ්‍රෙස් මැනුවෙල් මහතා බලයට පත්වූයේ දශකයකට වැඩි කාලයක් තිස්සේ පැවති ප්‍රචණ්ඩත්වයෙන් රට මුදා ගැනීමට පොරොන්දු වෙමිනි.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

මෙක්සිකෝවේ ගැටුම් වලින් 13දෙනකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 390 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 443 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 407 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site