IMG-LOGO

2024 මාර්තු මස 04 වන සඳුදා


මෙක්සිකෝවට භූමි කම්පාවක්

මෙක්සිකෝවේ මෙක්සිකෝ සිටි නගරය සහ දකුණු ගුඑරෝ පළාත ඊයේ (11) රික්ටර් මාපකයේ ප‍්‍රබලත්වය ඒකක 6.5ක් සටහන් කළ භූමි කම්පාවකින් දෙදරා ගිය අතර එයින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූහ. ඉගුවානා නගරයේ එකොළොස් වියැති දරුවෙකු සහ තවත් අයෙකු භූ කම්පනයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත. භූ කම්පනයෙන් පසුව අගනුවර ප‍්‍රදේශ කිහිපයක විදුලිබල සැපයුම අඩාල වූ බවත් දුරකථන සන්නිවේදන පද්ධතිය ඇණහිටි බවත් වාර්තා වේ. භූ කම්පනයෙන් පසුව ප‍්‍රකාශයක් නිකුත් කළ මෙක්සිකෝවේ ජනපති ෆිලිප් කල්දෙරන් කියා සිටියේ මේවන විට භූ කම්පනයෙන් බරපතළ හානියක් සිදු වූ බවට වාර්තා වී නොමැති බවයි. මෙක්සිකෝ සිටි නගරයට කිලෝමීටර් 166ක් ගිනිකොණ දෙසින් පිහිටි කිලෝමීටර් 65ක් පොළොව අභ්‍යන්තරයෙහි භූ කම්පනයේ අපිකේන්ද්‍රය පිහිටා ඇතැයි භූ විද්‍යාඥයෝ පවසති. මෙක්සිකෝව පැසිෆික් ගිනිවළල්ල ආශි‍්‍රතව පිහිටා ඇති රටක් නිසා නිරතුරු භූ කම්පන ඇති වීමේ අවදානම පවතින අතර 1985 වසරේ දී එරටට බලපෑ රික්ටර් මාපකයේ 8.1ක දරුණුම භූ කම්පනයෙන් පුද්ගලයින් දසදහසක් පමණ ජීවිතක්ෂයට පත් වූහ.



අදහස් (0)

මෙක්සිකෝවට භූමි කම්පාවක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ්
2024 මාර්තු මස 03 1497 0

අග්‍රාමාත්‍ය ධුරයට නම් කළ අපේක්ෂක ෂෙහ්බාස් ෂරීෆ් නව අග්‍රාමාත්‍ය ලෙස තෝරා ගැනීමට පාකිස්තාන නව පාර්ලිමේන්තුව සූදානම් වෙයි.


බිල ගෙවලා නෑ: ඝානා පාර්ලිමේන්තුවේ ලයිට් කපලා
2024 මාර්තු මස 03 496 0

විදුලි බිල නොගෙවීම හේතුවෙන්, ඝානා පාර්ලිමේන්තුවේ විදුලිය විසන්ධි කිරීමට එරට විදුලිබල සමාගම පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.


ගාසා වැසියන්ට ගුවනින් ආහාර
2024 මාර්තු මස 03 605 0

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් උන්හිටිතැන් අහිමි වී, කුසගින්නේ පෙලෙන, ගාසා පලස්තීන වැසියන්ට ඇමෙරිකාන ගුවනින් ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා දීම ආරම්භ ක


අම්මත් අධික අවුරුද්දේ, දුවත් අධික අවුරුද්දේ
2024 මාර්තු මස 03 1273 0

අධික අවුරුද්දක උපන් මවක මෙම 2024 අධික අවුරුද්දේ දියණියක බිහි කළ පුවතක් ඇමෙරිකාවෙන් වාර්තා වේ.


බයිඩන් ට්‍රම්ප් දෙන්නම මෙක්සිකෝ දේශසීමාවේ
2024 මාර්තු මස 01 304 0

නීති විරෝධී සංක්‍රමණ සම්බන්ධයෙන් සොයා බැලීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පමණක් නොව, හිටපු ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ද අවස්ථා දෙකකදී, ඇමෙරික


මුරුසි අගමැතිගෙන් අගමැති මෝදිට පැසැසුම්
2024 මාර්තු මස 01 133 0

ඉන්දියාව සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීම, සම්බන්ධයෙන් මුරුසි අග්‍රාමාත්‍ය ප්‍රවින්ද් ජග්නවුස් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ස්තුති කළේය.


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 520 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 422 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 374 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site