යුරෝපයේ බෝල්කන් ප‍්‍රදේශයට අයත් මැසිඩෝනියාව,සර්බියාව ඇතුළු රටවල් 4කට ශ්‍රී ලාංකික සරණාගතයින් ඇතුළු සරණාගත ජනයාට ඇතුළුවීමට තිබූ ඉඩ ප‍්‍රස්ථා ඇහිරවීමට එම රටවල් තීරණය කර ඇත.
ඒ අනුව මැසිඩෝනියාව විසින් ශ්‍රී ලංකාව ,සුඩානය, ලයිබීරියාව, කොංගෝ හෝ පකිස්ථානය යන රටවලින් එන සරණගාත ජනයා පිළිනොගැනීමට තීරණය කර ඇතැයි සර්බියාවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ප‍්‍රකාශිකා මෙලිටා සුන්ජික් ප‍්‍රකාශ කළ බව එක්සත් ජාතීන්ගේ නිල වෙබ් අඩවියේ සඳහන් වේ.
තම රටවලට සංක‍්‍රමණය වන සරණගත කෙරෙහි යුරෝපීය ජනතාව මේවන විට බියෙන් පසුවන බවත්,ඔවුන් සමඟ සන්නද්ධ සංවිධාන වල සාමාජිකයින් පැමිණීමේ ඉඩකඩ ඇති බවත්, පැරිස් ප‍්‍රහාරයෙන් එකී බිය අලූත් වී ඇති බවද ඇය සඳහන් කර සිටීයි.
යුදමය වාතාවරණයක් පවතින සිරියාව, ඇෆ්ගනිස්ථානය හා ඉරාකය යන රට වලින් පැමිණෙන සරණාගත ජනයාට පමණක් මැසිඩෝනියා හා සර්බියා දේශසීමාවේදී සර්බියාව විසින් සුළු ඉඩක් ලබා දී ඇති බවද වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 04
801
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
465
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බෝල්කන් දේශසීමා වහයි