බ්‍රසීල පාපන්දු කණ්ඩායමක ක්‍රීඩකයින් ඇතුළු 71 දෙනෙක් මියගිය කොළොම්බියා ගුවන් අනතුරට හේතුව යානයේ විදුලි පද්ධතියේ දෝෂයක් ලෙස සැකකරන බව නවතම විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
යානය කඩා වැටුණු අවස්ථාවේ එය පුපුරා නොගිය බවත් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී මෙම සැකය වඩාත් තහවුරු කරගත හැකි බවත් කියති. ඒ අනුව යානයේ ඉන්ධන අවසන් වෙමින් තිබී ඇති බවටද සැක මතුවී තිබේ.
පර්යේෂකයෝ යානයේ කළු පෙට්ටියද සොයාගෙන ඇත.
ගුවන් අනතුර හේතුවෙන් බ්‍රසීලයේ දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත. ක්‍රීඩකයින්, පුහුණුකරුවන් හා ආරාධිත අමුත්තන් ඇතුළු 77 දෙනෙක් රැගත් යානය අඟහරුවාදා (29) කොළොම්බියාවේ කන්දකට කඩා වැටිණි.
කොළොම්බියාවේ පැවැත්වෙන පාපන්දු තරගාවලියක් සඳහා ඔවුන් සහභාගි වීමට නියමිතව සිටි අතර අද (30) ඔවුන් සිහි කරමින් කොළොම්බියාවේ පාපන්දු ක්‍රීඩකයන් බලධාරීන් ඇතුළු පිරිසක් ඉටිපන්දම් දල්වා ශෝකය ප්‍රකාශ කළහ.
බ්‍රසීලයේ ද ඔවුන් වෙනුවෙන් සමරු වැඩසටහන් සංවිධානය කර ඇත. මියගිය පාපන්දු ක්‍රීඩකයන්ට ශෝකය පළ කරමින් ලොව පුරා සෑම පාපන්දු තරගයක් අාරම්භ වීමට ප්‍රථම විනාඩියක නිශ්ශබ්දතාවයක් රැකීමටද කටයුතු යොදා ඇත.
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
735
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
359
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බ්‍රසීලයේ ශෝක කාලයක්