ඇමරිකාවේ කෙන්ටකි ප‍්‍රාන්යේ කේටි මැක්ඩොනල්ඞ් සාත්තු සේවිකාවකි.ඇයගේ සැමියා වන රොබට් ප‍්‍රාන්තයේ පිහිටි කුඩා නගරයක් වන වෝල්ටන්හි නගර සභා මැතිවරණයට ඉදිරිපත්ව සිටි අපේක්ෂකයන් අතුරින් එක් අයෙක් විය. මැතිවරණ දිනට පෙර රාත‍්‍රියේ සිය රෑ වැඩ මුරය නිමවා නිවසට පැමිණි කේට් පසුදා පැවැත්වෙන මැතිවරණයේදී ඡන්දය දැමිමට යාමට තමන් උදෑසනම අවදිකරන ලෙස රොබට්ට පැවැසූයේ එසේ නොකළ හොත් ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා ලබාගන්නා ඡන්ද සම වනු ඇතැයි විහිළුවක්ද කරමින්ය. රොබට් හට ඡන්ද දිනයේදී කේටි නියමිත වේලාවට ඇහැරවීමට අමතක වූ අතර හෙතෙම පමණක් ගොස් ඡන්දය ප‍්‍රකාශ කර නිවසට පැමිණියේය. කේටීගේ ප‍්‍රකාශය සැබෑ කරමින් ඡන්ද ප‍්‍රතිඵල නිකුත් වූයේ රොබට් හා අනෙක් ප‍්‍රධාන අපේක්ෂකයා ඡන්ද 699 බැගින් ලබා ගනිමිනි. රොබට් පවසන්නේ සිදුවූ දේ ගැන තමන්ටත් වඩා දුක් වන්නේ කේටි බවය.තමන් නැවත ඡන්ද ගණන් කරන ලෙස ඉල්ලා ඇතැයිද එහිදීත් සම ඡන්ද ලැබුණහොත් කාසියක් උඩ දමා ජයග‍්‍රාහකයා තීරණය කැරෙනු ඇතැයිද හෙතෙම කියයි. කෝ.වි
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවාසනාවට කාසිය අනිත්පැත්ත ගැහෙන්නත් බැරි නෑ (ස)