හොං කොං නාවික ධානපතියකු වන ඇන්ටෝ මාර්ඩන් (64) ඔහු සහ ඔහුගේ බිරි`ද වෙනුවෙන් බි‍්‍රතන්‍ය පවුම් කෝටි එකහමාරක (රුපියල් කෝටී 309) වටිනා සුපිරි යාත‍්‍රාවක් මිලදී ගත්තේය.
එය ඇඩැස්ට්‍රා නම් වේ. ඉන්දුනීසියා වෙරළේ ඔවුන්ට අයත් නිවර්තන දුපත් දෙකක් අතර යාත‍්‍රා කිරීමට මෙම යාත‍්‍රාව භාවිතා කෙරෙනු ඇතැයි වාර්තා වේ.
සුපිරි යාත‍්‍රා නිර්මාණකරුවකු වන ජෝන් ෂට්ල්වර්ත් විසින් නිර්මාණය කැරුණු මෙම යාත‍්‍රාව සම්පූර්ණයෙන් නිර්මාණය කිරීම සදහා අවුරුදු 5ක් ගත වී ඇති අතර සැලසුම් කිරීම සදහා පමණක් අවුරුදු 2ක් ගත වීය. දිගින් මීටර 42.5ක්ද, පළල මීටර 16ක් සහ ටොන් 52ක බරකින් යුක්ත වන අහස් යානයක් වැනි සුවිශේෂී හැඩයක් ගනී. මගීන් 9 දෙනෙකුට ඉතා සුඛෝපභෝගී පහසුකම් සහිතව එකවර මෙහි ගමන් කිරීමේ හැකියාව ඇත.
ඇඩැස්ට්‍ර්ට්‍රා යාත‍්‍රාව ලන්ඩන් සිට නිව්යෝක් දක්වා සැතපුම් 4000ක් පමණ එකදිගටම යාත්‍රා කළ හැකි ඉහළ ධාරිතාවකින්ද යුක්ත වන අතර මීටර 50ක් පමණ දුරින් පිහිටා ඇති විට ඇපල් අයි පෑඞ් උපාංගයකින් හැසිරවිය හැකි වීම මෙහි තවත් එක් සුවිශේෂිතාවයකි.
ඇඩැස්ට්‍රා උසස් තාක්ෂණය යොදා ගෙන නිර්මාණය කරන ලද ලොව අනගිතම යාත‍්‍රාවක් වන බවත් ලොව විස්මිතම සුපිරි යත‍්‍රාවක් වන බවත් ‘ද බෝට් ජාත්‍යන්තර සඟරාව’ පවසා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ගෑනු මනුස්සයා හරි ලකී .අපේ අයට දෑවැද්ද ටිකක් අඩුපාඩු නම් සමාවන්න තමායි. (අ)
9 දෙනෙකුට යන්න කෝටි 309ක්? මෙයා දන්නවද දන්නේ නැහැ එක දවසකට ලෝකේ මිනිස්සු 25000ක් විතර මැරෙනවා කියල කන්ඩ නැතිව. (අ)
බෝට්ටුවේ පින්තුර එපා බිරිඳගේ පින්තුරයක් දාන්න (අ)
මමත් ආසයි එයා වගේ කෙනෙක්ව බදින්න. තව ඉන්නවද දන්නේ නැහැ(නි)
ඕක මොකක්ද? මම අපේ නෝනට රුපියල් 300 ක සෙරෙප්පු දෙකක්ම අරන් දුන්නේ. කොහොම වුනත් පින්තූරෙකුත් තිබුනා නම් තමයි හොඳ. මොකද අපේ අයත් එතකොට තව ටික කාලෙකින් එකක් ගනීවිනේ. (නි)
ඉන්නවා නිල්මිණි ඉන්නවා(නි)
නිල්මිණි, ඉන්නවා ඉන්නවා. අයියෝ සල්ලි!(නි)