IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බ්‍රිතාන්‍ය කාන්තාවන්ට ඡන්ද අයිතිය ලැබී වසර 100


(ද ගාඩියන් )
 
බ්‍රිතාන්‍ය කාන්තාවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිව වසර 100ක් සම්පූර්ණ වී තිබේ. ඊට සමගාමීව දැවැන්ත පෙළපාලි සංවිධානය කර තිබුණි.


බ්‍රිතාන්‍ය කාන්තාවන්ට ඡන්ද අයිතිය හිමිව සිය වසරක් සපිරීම සනිටුහන් කරමින් උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් නුවර, වේල්සයේ කාඩිෆ් නුවර , ස්කොට්ලන්තයේ එඩින්බරෝ නුවර  බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර දැවැන්ත පෙළපාලි පැවැත් විය.


ජය ඝෝෂා නඟමින් ගී ගයමින් සහ සමාන අයිතිවාසිකම් සඳහා අරගලය පෙරට ගෙන යන බවට ප්‍රතිඥා දෙමින් එක්සත් රාජධානියේ දහස් සංඛ්‍යාත පිරිසක් මෙම පෙළපාලි සඳහා එක්ව සිටියේය.


මෙය සංවිධානය කර තිබුණේ පළමු ලෝක යුද්ධය සමඟ ජනතාව සම්බන්ධ කෙරෙන සංස්කෘතික වැඩසටහනක් සහ එක්සත් රාජධානියේ ප්‍රසිද්ධ කලා කෘති නිර්මාණය කරන පුණ්‍යායතනයක් එක්ව බව සඳහන් වෙයි.


අගනුවර හතරක පැවති පෙළපාලි සඳහා යොදාගනු ලැබූ සටන් පාඨ සහිත පුවරු නිර්මාණය කිරීම සඳහා කලාකරිනියන් 100 දෙනෙකුගේ සහය ලැබුණු බව විදෙස් වාර්තාවල සඳහන් වෙයි.


(125)



අදහස් (0)

බ්‍රිතාන්‍ය කාන්තාවන්ට ඡන්ද අයිතිය ලැබී වසර 100

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1103 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site