බ්‍රිතාන්‍යයේ පැවැති 'ජී7' සමුළුව අවසන් වීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඊයේ (13) බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර බලා පැමිණියේය.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු, බයිඩන්, බ්‍රසල්ස් නුවරට පැමිණි පළමු අවස්ථාව මෙයයි. කොරෝනා වසංගත හේතුවෙන්, බෙල්ජියමේ සෞඛ්‍ය බලධාරීන් තහංචි පනවා ඇති බැවින්, ජනාධිපති බයිඩන් ට මුහුණු ආවරණ පැලඳ සිටීමට සිදුවිය.
ජනපති බයිඩන් රැගත් එයාර් ෆෝස් 1 නිල ගුවන් යානය ගොඩබෑවේ මෙල්ස්බෘක් ගුවන් කඳවුරටය. ජනාධිපතිවරයා පිළිගැනීමට බෙල්ජියම් අග්‍රාමාත්‍ය ඇලෙක්සැන්ඩර් දෙ ක්රෝ ගුවන්තොටුපොළට පැමිණ සිටියේය.
ඇමෙරිකන් ජනාධිපති බයිඩන් බ්‍රසල්ස් නුවරට පැමිණියේ නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ හමුදා එකමුතුව සහ යුරෝපා සංගමයේ සාමාජිකයන් සහභාගී වන විශේෂ සමුළුවට සහභාගී වීම සඳහාය. සමුළුව අද (14) සහ හෙට (15) පැවැත් වෙනු ඇත.
යුරෝපා සංගමයේ ප්‍රබල සාමාජිකයන් වන ප්‍රංශ ජනාධිපති මැක්රොන්, ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මර්කල් පමණක් නොව යුරෝපා සංගමයේ සභාපතිනිය උර්සුලා වොන් ද ලින් ද 'ජී7' සමුළුවේ දී ද බයිඩන්ට හමුවිය.
නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය පිහිටුවා ඇත්තේ ඇමෙරිකාව, කැනඩාව සහ යුරෝපා රටවල එකමුතුවෙනි. ඒ, රුසියාවෙන් එල්ල වන තර්ජනවලට මුහුණ දීමටය. තුර්කිය ද නේටෝ සාමාජිකයෙකි.
ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හොබවද්දී, ඇමෙරිකාව සහ නේටෝව අතර සබඳතා පළුදු විය. කෙසේ නමුත් ජෝ බයිඩන් එම සබඳතා යළි ශක්තිමත් කර ගැනීමට කටයුතු පියවර ගත්තේය.
එපමණක් නොව, යුරෝපා රටවල නායකයන් හමුවී ඔවුන් සමඟ ද සබඳතා ශක්තිමත් කර ගැනීමට බයිඩන් සාකච්ඡා කළේය. ඇමෙරිකා ජනාධිපති බයිඩන් සහ තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් අතර හමුවක් ද පැවැත්වීමට නියමිතය.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බයිඩන් බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරට