ග්‍රීසියේ හිටපු අග්‍රාමාත්‍ය ලූකාස් පාපාදිමෝස් බෝම්බ ප්‍රහාරයකින් තුවාල ලැබීය. ග්‍රීසියේ වේලාවෙන් අද (25) සවස් වරුවේ එල්ල වූ මෙම ප්‍රහාරයෙන් ඒ අවට සිටි තවත් පිරිසක් ද තුවාල ලැබූහ. 

වසර 2011 සිට 2012 දක්වා කාලයේදී ග්‍රීසියේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළේය. ලිපියක් ලෙස බෝම්බ හිටපු අග්‍රාමාත්‍යවරයා ඒවා ඇතැයි ද තවත් වාර්තාවක දැක්විණි. ලියුමක් ආකාරයෙන් සැකැසූවක බෝම්බය අග්‍රාමාත්‍යවරයාට ලැබෙන පරිදා ඒවා ඇති බවත් එය මෝටර් රථය තුළම පුපුරා ගිය බවත් එම වාර්තාවේ දැක්විණි. 

ලූකාස් පාපාදිමෝස් ග්‍රීසියේ හිටපු මහ බැංකු අධිපතිවරයා ද වෙයි. පිපිරුම වූ සැණින් හිටපු අග්‍රමාත්‍යවරයාත් ඔහුගේ රියදුරටත් කඩිනමින් රෝහල වෙත ගෙන ගිය බව නම සඳහන් නොකළ පොලිස් නිලධාරියකු පැවැසීය.ලූකාස් පාපාදිමෝස් යුරෝපා මහ බැංකුවේ උප සභාපතිවරයා වශයෙන් ද කටයුතු කළේය.