IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


බීබීසී ප‍්‍රධානියාත් ඉල්ලා අස්වෙයි

බීබීසී අධ්‍යක්ෂ ජනරාල් ජෝර්ජ් එන්ට්විස්ල් ඊයේ (11) සිය ධූරයෙන් ඉල්ලා අස්විය. බි‍්‍රතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂයේ දේශපාලනඥයකු වූ මැක්ඇල්පයින් සාමිවරයා ළමා අපයෝජන සිද්ධියකට සම්බන්ධ බවට සාවද්‍ය ලෙස චෝදනා කරමින් විකාශය වූ වාර්තාමය වැඩසටහනක් මුල් කරගනිමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා අස්විය. බීබීසී නිව්ස් නයිට් වැඩසටහන පැවැත් වූ සම්මුඛ සාකච්ඡුාවකට සහභාගී වූ අයෙක් සිදු කළ ප‍්‍රකාශයක් මේ සිද්ධියට තුඩු දී ඇත. 1970 දී තමා ළමා නිවසක සිටි බව පැවසූ එම පුද්ගලයා බි‍්‍රතාන්‍ය ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු එහිදී තමාව අපයෝජනයට ලක් කළ බව සඳහන් කළේය. ඉකුත් සතිය වනතෙක් එම දේශපාලනඥයා කවරෙක්දැයි බීබීසි ආයතනය නොදැන සිටි අතර අන්තර්ජාලය හරහා එම පුද්ගලයා බි‍්‍රතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂයේ  ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන ඇලිස්ටෙයාර් මැක් ඇල්පයින් සාමිවරයා බවට තොරතුරු පළ විය. සිද්ධිය සැල වූ වහාම ඇල්පයින් සාමිවරයා මේ චෝදනාවලට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව කියා සිටියේය. සාමිවරයාගේ ප‍්‍රතිචාරයෙන් අනතුරුව සම්මුඛ සාකච්ඡුාවට සහභාගී වූ පුද්ගලයා සිය ප‍්‍රකාශය ඉල්ලා අස් කර ගත්තේ සිද්ධියට සාමිවරයාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව පවසමිනි. එම වැඩසටහන මූලධර්මවලට විරුද්ධ අයුරින් නිර්මාණය කළ එකක් බව සඳහන් කළ ධූරයෙන් සමුගත් අධ්‍යක්ෂ ජනරාල්වරයා මාධ්‍ය ආයතනයේ ප‍්‍රධාන කර්තෘවරයා වශයෙන් විකාශය වන සියලූම වැඩසටහන්වල වගකීම තමා සතු බව පැවැසීය. මෙවැනි වැඩසටහන් තුළින් බීබීසී ආයතනයේ විශ්වසනීයත්වය පළුදුවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මේ අතර මැක්ඇල්පයින් සාමිවරයාගේ නීතීඥයන් කියා සිටියේ සිය සාමිවරයා අපකීර්තියට පත් කිරීමට කටයුතු කළ සෑම මාධ්‍ය ආයතයකටම එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නා බවයි. ඒ අනුව පනස් හැවිරිදි වියේ පසුවන ජෝර්ජ් එන්ට්විස්ල් බීබීසී ආයතයේ අඩුම කාලයක් සේවය කළ අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස ඉතිහාසයට එක් විය. බීබීසි ආයතනයේ සංගීත සහ ශ‍්‍රව්‍ය අධ්‍යක්ෂවරයා ලෙස මේ දක්වා කටයුතු කළ ටිම් ඬේවි හිස් වූ අධ්‍යක්ෂ ධූරයේ වැඩ බාර ගැනීමට නියමිතව සිටී. බීබීසී අධ්‍යක්ෂ ජනරාල් ජෝර්ජ් එන්ට්විස්ල්



අදහස් (0)

බීබීසී ප‍්‍රධානියාත් ඉල්ලා අස්වෙයි

කමල් Monday, 12 November 2012 10:56 AM

මෙහේ ඔය දේ වුණා නම් මම කීයටවත් අස්වෙන්නෙ නැහැ කියලා පුටුවේ සුපර් ග්ලූ ගාගෙන ඉදගෙන හිටීවි. (නි)

:       0       0

පාලිත Monday, 12 November 2012 11:11 AM

අයියෝ සල්ලි

:       0       0

ගයාන් Monday, 12 November 2012 12:45 PM

ලංකාවේ ගොඩක් මාධ්‍ය වලට ලොකු ආදර්ශයක් (ස)

:       0       0

නාපාවල කටාර් Tuesday, 13 November 2012 08:19 PM

ගයාන් ළමා දුෂකයන්ටද නියම මහත්තුරු කියන්නේ .අපේ රටේ අය ඊට වැඩිය හොඳා , . තමා විසින්ම වෙඩි තියාගෙන මැරෙනවා .එහෙනම් අපේ අය මහත්තුරුන්ගේත් මහත්තුරු .(නු)

:       0       0

සෙනෙරත් Monday, 12 November 2012 02:13 AM

බී‍. බී. සී එකේ කොහොමත් තියෙන්නේ මේ ව‍ගේ වැඩනේ (ස)

:       0       0

මුතුකුඩ Monday, 12 November 2012 02:12 AM

අන්තිමට මොනවා හරි කියලා ඔක්කොම අය අස්වෙන්නයි බලන්නේ. (නි)

:       0       0

ගයාන් Monday, 12 November 2012 01:53 PM

නියම මහත්වරු කියන්නේ මෙන්න මේ වගේ අයට තමයි. (නි)

:       0       0

සිල්වා Monday, 12 November 2012 03:02 AM

අපේ ලංකාවේ ඇති බොරු රූපවාහිනී නාලිකා වලට කොපමණ විරුද්ධ වූ අය සිටියත්, ඉල්ලා අස් වූ අයෙක් නම් නොමැත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29511 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18228 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11737 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 728 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 216 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 866 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site