IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


බින් ලාඩන් මරා දැම්මත් අල් කයිඩාව දුර්වල වී නෑ

අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඝාතනය කර වසරක් ගතවී ඇතත් අල් කයිඩා සංවිධානය තවමත් පාකිස්තානයට තර්ජනයක් වී ඇති බවත්, ඔවුන් දුර්වල වී නැති බවත් එරට ආරක්ෂක අංශ පවසයි. ”ඇමෙරිකා රජය පවසන්නේ බින් ලාඩන් ඝාතනයෙන් අල් කයිඩාව මුළුමනින්ම දුර්වල වී ඇති බවයි. 2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා නිව්යෝක් නුවරට එල්ල කළ ප‍්‍රහාරය තරම් දරුණු ප‍්‍රහාරයක් යළි එල්ල කිරීමට අල් කයිඩාවට නොහැකි බවයි. ඒත් ඒක වැරදියි. අල් කයිඩාව තවමත් ප‍්‍රබලයි. ඔවුන් ඇෆ්ගනිස්තානයේ සහ පාකිස්තානයේ දිගට හරහට ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරනවා” යැයි පාකිස්තාන ආරක්ෂක අංශ පවසයි. පාකිස්තානයේ ඇබොට්ටාබාද් නුවර මහල් නිවසක සැඟවී ජීවත් වූ ඔසාමා බින් ලාඩන් මරා දැමුවේ ඇමෙරිකන් හමුදාවේ නේවි සීල් විශේෂ හමුදා භට ඛණ්ඩයකි. ඔවුන් එය කළේ පාකිස්තාන රජයට, ආරක්ෂක අංශවලට හෝ බුද්ධි අංශවලට නොදන්වාය. පාකිස්තාන බුද්ධි අංශ ඒ බව දැන ගත්තේ ද මෙහෙයුම අවසන් වී පැය කිහිපයක් ගත වූ පසුවය. බින් ලාඩන් ඝාතන මෙහෙයුම සිදුවුණේ ඇමෙරිකා ජනපති බැරැුක් ඔබාමාගේ අනුදැනුම යටතේය. මෙහෙයුම අවසන් වී බින් ලාඩන් මරා දමන තෙක්ම ජනපතිවරයා ද ඇමෙරිකා ආරක්ෂක සහ බුද්ධි අංශ සමඟ එක් වී මෙහෙයුම සිදුවන හැටි චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ නැරැඹුවේය. බින් ලාඩන් සමඟ ඔහුගේ බිරියන් තිදෙනකත් දරුවන් 11 දෙනකුත් ඇබොට්ටාබාද් නුවර ජීවත් වූ අතර බින් ලාඩන් ඝාතනයෙන් පසු එම පිරිස පාකිස්තාන ආරක්ෂක අංශයේ අත්අඩංගුවට පත් වූහ. පාකිස්තානයේ නීති විරෝධී ලෙස රැඳී සිටීමේ වරදට අධිකරණ නියෝගයකට අනුව එම පිරිස සෞදි අරාබියට පිටුවහල් කෙරුණේ පසුගිය සතියේය. සෞදි රජය එම පිරිස බාර ගත් අතර මානුෂීය හේතූන් මත ඔවුන්ට සෞදියේ ජීවත් වීමට ද අවසර ලබා දුන්නේය. ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා ඔහුගේ ජනපි‍්‍රයත්වය වැඩි කර ගන්නේ බින් ලාඩන් ඝාතනය ‘තුරුම්පුවක්’ ලෙස යොදා ගනිමින් යැයි ඇමෙරිකානු දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. මේ වසරේ නොවැම්බර් මාසයේ පැවැත්වෙන ඇමෙරිකා ජනපතිවරණයට ඔබාමා යළි ඉදිරිපත් වේ. ‘ත‍්‍රස්තවාදයට එරෙහි සටනේදී’ අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීම ජනපති ඔබාමා ලැබූ ජයග‍්‍රහණයක් යැයි ඇමෙරිකානුවන් බහුතරයකගේ මතය වී ඇත. ජනපති ඔබාමා තරයේ කියා සිටින්නේ ඔසාමා බින් ලාඩන් ඝාතනය තම වාසියට හරවා ගන්නේ නැති බවය. කෙසේ නමුත් ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙරේදා (29) ඔසාමා බින් ලාඩන් ඝාතනයට සම්බන්ධ, ඇමෙරිකන් හමුදා සෙබළුන් පටිගත කළ වීඩියෝ දසුන් පෙළක් අන්තර් ජාලයට මුදා හැරීමට කටයුතු කළේය.



අදහස් (0)

බින් ලාඩන් මරා දැම්මත් අල් කයිඩාව දුර්වල වී නෑ

රවීන්ද්‍ර Wednesday, 02 May 2012 07:10 AM

ඒ තමයි ඇත්ත

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 111 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 195 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1058 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site