තායිලන්තයේ බෙඳුම්වාදී අරගලයට නායකත්වය දෙන ප‍්‍රධාන පෙළේ මුස්ලිම් සටන්කාමී සංවිධාන සමඟ මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් බව තායිලන්ත රජය ඊයේ (28) නිවේදනය කළේය.
රජයේ නිලධාරීන් සහ බෙදුම්වාදී සටන්කාමීන් අතර විශේෂ ගිවිසුමකට ද අත්සන් තැබුණි. දෙපිරිස අතර එම හමුව පැවැත්වූයේ මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවරදීය. තායිලන්තයේ බෙඳුම්වාදී අරගල ඇරැඹුණේ 2004 වසරේ සිටය. 
එම අරගලයට නායකත්වය දෙන්නේ ‘බරිසාන්’ නමැති බෙදුම්වාදී සටන්කාමී සංවිධානයයි. එම සංවිධානය ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන්නේ දකුණුදිග තායිලන්තයේ දේශසීමා ආශි‍්‍රත පළාත්වලය.
2004 වසරේ සිට මේ දක්වා පැවැති ගැටුම්වලින් 5,000 ක් දෙනා ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තාවේ.