ඉන්දියාවේ ප්‍රාදේශීය මැතිවරණ පැවැත්වෙන බටහිර බෙංගාලයේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්ව හේතුවෙන් පස් දෙනකු මියගොස් 12දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. කෙසේ වුවද තහවුරු නොකල ආරංචි මාර්ග පවසන්නේ මෙම ගැටුම් වලින් 10දෙනකු පමණ මියගොස් ඇති බවයි.
ඡන්ද දායකයින් බියගැන්වීම් හා ඡන්ද මධ්‍යස්ථානයහි සිදුකළ පහරදීම්ද ස්ථාන කිහිපයකින් වාර්තා වන බව පොලිසිය පවසයි. ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂය පවසන්නේ මැතිවණය කඩාකප්පල් කිරීමේ චේතනාවෙන් බටහිර බෙංගාලයේ පාලක ට්‍රිනමූල් කොංග්‍රස් පක්ෂය මෙසේ ප්‍රචණ්ඩ ක්‍රියා වල යෙදෙන බවයි.
ට්‍රිනමූල් කොංග්‍රසය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ඔවුන් පවසන්නේ සුළු සිද්ධීන් කිහිපයක් හැරුණු විට ඡන්දය සාමකාමීව පැවතුන බවයි.
එසේ වුවද මැතිවරණ විශ්ලේෂකයින් පවසන්නේ මෙය බටහිර බෙංගාලයේ සිදුවූ දූෂිතම මැතිවරණය බවයි.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අයියලා එහෙත් ගිහින් වගෙයි.
අපේ අයියලා එහෙ ගිහින් නෙවේ, ඇත්තටම අපි මෙහෙට ඇවිත් තියෙන්නේ එහෙන් , අපේ ජාන බටහිර බෙංගාලියන්ලට හැම අතින්ම සමානයි, ලංකාවෙන් කල ඉල්ලීමකට අනුව සිදුකල ජාන පරීක්ෂණයක වාර්තාවක පලවූවා...
සිංහල අවුරුද්දට නෑගම් යන්න බැරි උනාට, අපේම කියලා ඥාති පිරිසක් වෙනත් රටක හෝ අපිත් දන්නා දේශපාලනය කරගෙන සතුටින්, සහජීවනයෙන් ජීවත් වෙන බව සියැසින් දැකබලා ගැනීමට පිනක්, අපිට තිබෙන එකම මොන තරම් නම් වාසනාවක්ද?