බංගලාදේශයේ ගිණිකොණ දිග බසාර් දිස්ත්‍රික්කයේ ගංඟාවක දියනෑමට ගිය පාසල් සිසුන් පස්දෙනකු ගිලී මියගොස් ඇතැයි වාර්තා වේ.
පාපන්දු ක්‍රීඩාවේ යෙදීමෙන් පසුව සිසුන් හය දෙනකු මත මුහුරි නම් ගංගාවේ දියනෑමට ගොස් ඇති අතර ප්‍රබල දියවැලකට හසු වීමෙන් ඔවුන් ගසා ගෙන ගොස් ඇත.
එක් සිසුවකු බේරාගත් බවත් මියගිය අය අතර සොහොයුරන් ද සිටින බවත් බලධාරීහු පවසති.
බංගලාදේශයේ ජනප්‍රියම ක්‍රීඩාව ක්‍රිකට් වුවද ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පැවැත්වුණු බැවින් තරුණයන් පාපන්දු උන්මාදයෙන් පෙළුණු බව පැවසේ.
(බීබීසි ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd