දේශපාලන විද්‍යා ආචාර්ය උපාධිය ලබා ගැනීම සඳහා වසර 3ක් තිස්සේ පුද්ගලයන් ලක්ෂ 10ක පිරිසක් සමඟ සම්මුඛ සාකච්ඡා කර දේශපාලනවිද්‍යා ගුරුවරයකු කළ නිබන්ධනය පිළිබඳව සැක මතුව ඇති හෙයින් ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට බංග්ලාදේශයේ ඩකා විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර ඇතැයි වාර්තා වේ. ‘මාක්ස්වාදයේ භාවිතාව සහ එමඟින් නූනත ලෝකය කෙරෙහි ඇති බලපෑම’ යන තේමාව යටතේ කළ නිබන්ධනයට මොහොමඞ් නූර් උදින් හට ඉකුත් වසරේදී ඩකා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය පිරිනැමිණි. ඔහු පවසන ආකාරයට 2008 සහ 2011 අතර කාලයේදී පුද්ගලයන් මිලියන 1.275ක් සම්මුඛ පරීක්ෂණයට බඳුන් කර ඇත. විශ්වවිද්‍යාල බලධාරීන් කියා සිටියේ උදින් පවසන ආකාරයට සම්මුඛ පරීක්ෂණ පැවැත්වූයේ නම් ඔහු දිනපතා පුද්ගලයන් 1,200 බැගින් හමු වී ඇති බවයි. උදින්ට එල්ලවන චෝදනාවක් නම් ඔහු අන්තර්ජාලය හරහා මෙම සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇති බවය. කෙසේ වූවද දේශපාලන විද්‍යා අංශ ප‍්‍රධානී මහාචාර්යවරයා කියා සිටියේ උදින්ගේ ප‍්‍රයත්නය අතිවිශිෂ්ට එකක් බවත් තමන් ඔහු විශ්වාස කරන බවත්ය.
1
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි
COMMENTS
අපේ කෑළණියෙ උතුමානන්ට පවා ඔය උපාදි කියන එව තියෙන එකෙ කාට උනත් ඔව මහ වෑඩ නෙවේ. මට තියෙන්නෙ විශෙශ උපාදියක් .Bsc HONS
අපේ ආචාර්යගෙ යාලුවෙක්ද කොහෙද??
ආචාරියා රවටා... කැත්ත සෑදෙව්වා වාගේ....