IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


බංග්ලාදේශ ගොඩනැගිලි අනතුරින් මියගිය ගණන 200 දක්වා ඉහළට

බංග්ලාදේශයේ ඇඟලූම් කම්හල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මිය ගිය ගණන 200 දක්වා ඉහළ ගොස් ඇතැයි ඩකා පොලිසිය පවසයි.
මහල් අටකින් සමන්විත කම්හල් ගොඩනැගිල්ල පෙරේදා(24) බිමට සමතලා විය. සිද්ධියෙන් දහසකට වැඩි පිරිසක් තුවාල ලැබූහ. 
මෑතකාලීනව බංග්ලාදේශයේ සිදු වූ දරුණුතම කම්හල් අනතුර මෙය ලෙස සැලකේ. ගොඩනැගිල්ල කඩාවැටීමෙන් මියගිය පුද්ගලයන් සිහි කර එරට රජය ඊයේ ජාතික ශෝක දිනයක් ප‍්‍රකාශයට පත් කර තිබුණි. 
විපතට පත් වූවන් මුදා ගැනීමේදී සුන්බුන් අතර සිර වී සිටි 1400ක් බේරා ගැනීමට හැකි විය. මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා හමුදා කණ්ඩායම්, පොලිසිය හා සහන සේවකයන් සහභාගී වී සිටිති. 
සුන්බුන් අතර සිර වී සිටින්නන් බේරා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන බව සහන සේවකයෝ පවසති. එසේ සිර වී සිටින්නන්ට ඔක්සිජන් සැපැයීමට හා ආහාර පාන සැපයීමට පියවර ගෙන තිබේ.
අනතුරට පත් වූ ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ සවාර් දිස්ති‍්‍රක්කයේය. රානා ප්ලාසා නමින් හැඳින්වෙන එම ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. 



අදහස් (0)

බංග්ලාදේශ ගොඩනැගිලි අනතුරින් මියගිය ගණන 200 දක්වා ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 477 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 467 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site