නයිජීරියාවේ ඊසාන දිග පෙදෙසේ බෝම්බ ප්‍රහාරයකින් හා වෙඩි තැබිමෙකින් පනස් දෙනකු පමණ මිය යන්නට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි. මෙය බොකෝ හරාම් සටන්කාමීන්ගේ ක්‍රියාවක් බව සැකකරයි. වෙඩි තැබීම සිදුවූ දලොරි නමැති ගම්මානයේ ගොඩනැගිලි ගින්නෙන් පිළිස්සී විනාශ වී ඇත.
සත්ත්ව ගොවිපළවල් ද ගින්නෙන් දැවී ගොසිනි. කිලෝ මීටර 10ක් පමණ දුරින් පිහිටි මයිදුගුරි නගරයට ද මේ ගින්න දර්ශනය වූ බව පැවසේ.
රොයිටර් වාර්තා කර ඇත්තේ මල සිරුරු 65ක් රෝහලේ ඇති බවයි. ප්‍රහාරය එල්ල කිරීමට ත්රස්තවාදීන් ලොරිවලින් හා යතුරුපැදිවලින් පැමිණි බව ද මාධ්‍ය වාර්තාවල දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd