තායිලන්තයේ  බැංකොක්  නුවරදී  තායි  ජාත්‍යන්තර  සංචාරක ප්‍රදර්ශනය  මෙවර ද පැවැත්විණි.  ශ්‍රි ලංකාවේ  සුන්දරත්වය  ලෝකයට  ගෙන යාම සඳහා  සුවිශේෂි කාර්යභාරයක  යෙදී  සිටින තායිලන්තයේ  සංචාරක ව්‍යාපාරයක්  පවත්වාගෙන යන ශ්‍රී  ලාංකික තරුණ ව්‍යාපාරිකයකු  වන සාවරි සංචාරක සමාගමේ  හිමිකරු  නාලක  නිරෝෂන්  මහතා  සිව්වැනි  වරට ද ශ්‍රී  ලංකාව වෙනුවෙන්  සංචාරක කුටියක් ඉදි කළේය. මේ ප්‍රදර්ශනය වසරකට  දෙවරක්  පැවැත්වේ.

ශ්‍රි ලංකාවේ  අනන්‍යතාවය   විදහා  දක්වන ආකාරයට  සකස්  කළ සංචාරක කුටිය එම ප්‍රදර්ශනය නැරඹීමට  පැමිණ  විදේශිකයින්ගේ  අවධානම සහ ඇගැයීමට  ලක්විය.

ශ්‍රී ලංකාව පිළිබඳව විදේශිය සංචාරකයන්  දැනුවත් කිරිමේ  මෙම ප්‍රදර්ශන කුටිය නාලක ඉදිකර තිබුණේ  තම පෞද්ගලික වියදමෙනි. මෙම සංචාරක ප්‍රවර්ධන ප්‍රදර්ශනයට  ලොව ප්‍රධාන පෙළේ  රටවල්  සීයක් පමණ නියෝජනය කරමින්  සංචාරක නියෝජිත ආයතන සහභාගී විය.

12729386_206340816386863_1979212114962580501_n 12733620_207569399597338_5731704496512958473_n  12717564_206830039671274_248731367587097223_n