තායිලන්තයේ බැංකොක් නුවරදී තායි ජාත්‍යන්තර සංචාරක ප්‍රදර්ශනය මෙවර ද පැවැත්විණි. ශ්‍රි ලංකාවේ සුන්දරත්වය ලෝකයට ගෙන යාම සඳහා සුවිශේෂි කාර්යභාරයක යෙදී සිටින තායිලන්තයේ සංචාරක ව්‍යාපාරයක් පවත්වාගෙන යන ශ්‍රී ලාංකික තරුණ ව්‍යාපාරිකයකු වන සාවරි සංචාරක සමාගමේ හිමිකරු නාලක නිරෝෂන් මහතා සිව්වැනි වරට ද ශ්‍රී ලංකාව වෙනුවෙන් සංචාරක කුටියක් ඉදි කළේය. මේ ප්‍රදර්ශනය වසරකට දෙවරක් පැවැත්වේ.
ශ්‍රි ලංකාවේ අනන්‍යතාවය විදහා දක්වන ආකාරයට සකස් කළ සංචාරක කුටිය එම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ විදේශිකයින්ගේ අවධානම සහ ඇගැයීමට ලක්විය.
ශ්‍රී ලංකාව පිළිබඳව විදේශිය සංචාරකයන් දැනුවත් කිරිමේ මෙම ප්‍රදර්ශන කුටිය නාලක ඉදිකර තිබුණේ තම පෞද්ගලික වියදමෙනි. මෙම සංචාරක ප්‍රවර්ධන ප්‍රදර්ශනයට ලොව ප්‍රධාන පෙළේ රටවල් සීයක් පමණ නියෝජනය කරමින් සංචාරක නියෝජිත ආයතන සහභාගී විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේකම ලොවට ප්‍රදර්ශනය කර නැවත නැවතත් රටේ ශ්‍රීවිභුතිය ලොව වටා ගෙන යමින් ..ලොව දනන්ගේ සිත් තුල . රටට වටිනාකමක් අත් කර දෙන්නට.....ඔබතුමා ගන්න ලද උත්සාහයට හදවතින්ම අපගේ ප්‍රණාමය ...(බ)
ප්‍රථම වරට ශ්‍රී ලංකා සංචාරක කාර්යංශයේ ප්‍රදර්ශන කුටියක්ද මෙවර තිබීම සතුටට කරුණකි (නි)
ලස්සනයි සුභ පැතුම් (අ)
ඔබට මාගේ සුබ පැතුම්.! (ර)
අපිට ඔබ ආඩම්බරයක්, සුබපැතුම් (බ)
මේ පාර චන්න කැපිලා වගේ...(කෞ)
අපේ රට වෙනුවෙන් පියවරක් ඉදිරියට යන ඔබලාට මාගේ සුබ පැතුම් (බ)
ශ්‍රීමාලි ගොන් ප්‍රශ්න අහන්ඩ එපා.හැම එකකම ඇදයක් හොයන සිංහල ගතිය නැතිකර ගන්න බලන්ඩ.(කෞ)
අපේකම ලොවට ප්‍රදර්ශනය කරන එක හුගාක් අගෙයි , නමුත් අර ඔසරිය අන්දලා ඉන්නේ අපේ කෙල්ලෙක්ද ? තායි කෙල්ලෙක්ද ? (බ)
නාලක මහතාගේ, විශිෂ්ට ක්‍රියාව අප අගය කරන අතර එය වැඩි දියුණු කිරීමට අපගේ පූර්ණ සහයෝගය, ලබාදීමට කැමත්තෙමි, තවද, පුෂ්පකුමාර , මහතාගේ දායකත්වය ද ඉතා ප්‍රසංසනීයයි. (ර)