ප‍්‍රචණ්ඩත්වය රජයන වයඹදිග පාකිස්තානයේ පෙෂවෝර් නුවර පොලිස්පතිවරයා ඊයේ (15) මරාගෙන මැරෙන බෝම්බකරුවකුට බිලි විය. ප‍්‍රහාරයෙන් මියගියේ පොලිස්පති කලාම් කාන්ය. ඔහු ඊයේ උදෑසන රියදුරු ද සමඟ ඔහුගේ ජීප් රියෙන් යද්දී බෝම්බකරුට බිලි වූ බව වාර්තා වේ. එම අවස්ථාවේදී ජිප්රිය, අලූත් වැඩියා කරමින් තිබූ මාර්ගයක සෙමින් ගමන් කරමින් තිබූ බවත්, බෝම්බ කබායකින් සැරසුණු බෝම්බකරු පා ගමනින් පැමිණි ජිප්රිය ඉදිරියට පැන බෝම්බය පුපුරුවා ගත් බව සිද්ධිය දුටුවෝ පවසති. ප‍්‍රහාරයට හසුවීමෙන් රියැදුරා බරපතළ ලෙස තුවාල ලැබූ නමුත් දිවි බේරා ගැනීමට සමත් විය. කෙසේ නමුත් ඔහුගේ තත්ත්වය ද බරපතළ යැයි ඊයේ සවස් වනවිට රෝහල් ආරංචි මාර්ග පවසා තිබුණි. පෙෂවෝර් පොලිස් නිලධාරීන් පවසන්නේ එය තලේබාන් සටන්කාමීන් සිදු කළ කුරිරු කි‍්‍රයාවක් බවය. කෙසේ නමුත් ප‍්‍රහාරයේ වගකීම තවමත් කිසිවකු විසින් බාර ගනු ලැබ නොමැත.
1
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd