නයිජීරියාවේ ටොංගෝ නගරය ආසන්නයේදී හමුදා භට පිරිසක් ඉලක්ක කර සිදුකළ ප්‍රහාරයකින් හමුදා භටයින් 17දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
නයිජීරියාවේ මාලි දේශසීමාව ආසන්නයේදී මෙම ප්‍රහාරය එල්ලවී ඇති අතර මෙහිදී භටයින් 11දෙනකු අතුරුදන්ව ඇතැයිද පැවසේ.
මෙය පසුගිය අවුරුදු කිහිපය තුල සිදුකරන ලද දරුණුම ප්‍රහාරයන්ගෙන එකක් බව මාධ්‍ය වාර්තා කර ඇත.
හමුදා භට පිරිස වටකර පහරදුන් බවත් අල්කයිඩා හා අයිසීස් ත්‍රස්තයන්ට සම්බන්ධ ජිහාද් කණ්ඩායම් මෙම ප්‍රදේශයේ ක්‍රියාත්මකව පවතින බවත් මාධ්‍ය වාර්තා කර ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd