ප්‍රංශයේ බටහිර ප්‍රදේශයේ රොචෙෆෝට් නගරයේ පාසැල් සිසුන් ප්‍රවාහනය කරන බස් රථයක අහඹු ලෙස ලොරියක් ගැටීම නිසා සිසුන් හය දෙනෙක් මිය ගොස් ඇතැයි ප්‍රංශ පුවත් සේවා වාර්ථා කරයි. තවත් සිසුන් තිදෙනකුට තුවාල සිදුවී ඇතැයිද වාර්ථා වේ.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ සිසුන් 18දෙනෙක් පමණ සිටින්නට ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.

නවතා තිබූ  ලොරි රථයේ කොටසක් ගමන් කරමින් තිබූ බස් රථයේ පැත්තක ගැටීමෙන් අනතුර සිදුවී ඇත. බලධාරීන් පවසා ඇත්තේ මිය ගිය සිසුන් හය දෙනාම අවුරුදු 16ත් 18ත් අතර වයසේ පසුවන දරුවන් බවයි.