IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ප‍්‍රබල භූමි කම්පාවක් තුර්කිය කළඹයි

තුර්කිය යළිත් වරක් ප‍්‍රබල භූමිකම්පාවකින් ඊයේ (10) කැළැඹී ගියේය. එයින් පුද්ගලයෝ හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. භූමිකම්පාවෙන් කඩා වැටුණු නිවාස සහ ගොඩනැගිලි අතර සිරවුණු 23 දෙනකු බේරා ගැනීමට සහන සේවකයෝ සමත් වූහ.භූමි කම්පාවෙන් බලපෑම් එල්ල වුණේ නැගෙනහිර තුර්කියේ වෑන් නුවරටය. නගරයේ ගොඩනැගිලි තුනක් මුළුමනින්ම බිමට සමතලා වී ඇති අතර නිවාස රැසක් ද සම්පූර්ණයෙන්ම විනාශ විය.භූමි කම්පාව හට ගැනීමත් සමඟ සහන සේවකයන් වහා කි‍්‍රයාත්මක වී සුන්බුන් අතර සිරවූවන් සෙවීමේ මෙහෙයුම් ආරම්භ කෙරුණු අතර 23 දෙනකුගේ ජීවිත බේරා ගැනීමට ඔවුහු සමත් වූහ. විදෙස් පුවත් සේවා මුලින් වාර්තා කළේ භූමි කම්පාවේ ප‍්‍රබලත්වය රික්ටර් මාපක ඒකක 7.2 ක් බවය. එහෙත් එය ප‍්‍රබලත්වය ඒකක 5.2 ක් යැයි පසුව නිවේදනය කෙරුණි. ඉකුත් ඔක්තෝබර් 26 වැනිදා ද තුර්කිය, ප‍්‍රබල භූමිකම්පාවකින් කැළැඹී ගිය අතර එයින් 600 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම භූමි කම්පාවෙන් උන්හිටිතැන් අහිමි වූවන් තවමත් තාවකාලික කූඩාරම්වල රැඳී සිටන අතර ඊයේ සිදුවූ භූමි කම්පාවත් සමඟ එම පිරිස තවත් අපහසුවට පත් වූ බව තුර්කි නියෝජ්‍ය අගමැති බෙසීර් අටාලේ පවසයි.භූ කම්පන විද්‍යාඥයන් පවසන්නේ ඊයේ හටගත් භූමිකම්පාව ඉකුත් ඔක්තෝබර් මාසයේ සිදුවූ භූමි කම්පාවේ පසු කම්පනයක් බවයි.සුන්බුන් අතර සිරවූවන් සෙවීමේ මෙහෙයුම් දිගටම සිදු කෙරමින් පවතින බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් සහන සේවකයෝ පවසති.



අදහස් (0)

ප‍්‍රබල භූමි කම්පාවක් තුර්කිය කළඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 84 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 881 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 617 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site