පුරාණ මැසිඩෝනියාවේ රජකළ මහා ඇලෙක්සැන්ඩර් රාජ්‍ය සමයට අයත් වු ගාම්භීර සොහොන් කොතක් නැගෙනහිර ග්‍රීසියෙන් සොයාගෙන තිබේ. ග්‍රීසිය ආර්ථික අර්බුධයකට පත්ව ඇති මෙම වකවානුවේ මෙවැන්නක් හමුවීම ගැන ග්‍රීක වැසියෝ තම උනන්දුව දක්වති. ඔවුන් විමසන්නේ කව්රුන් මෙම සොහොන් කොත තුල මිහිදන් කර ඇත්ද යන්නයි.
ග්‍රීක පුරාවිද්‍යාඥ කැටරිනා පෙරිස්ටරිගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් මෙහි කැණීම් සිදුකැර ඇත. ඔවුන් පවසන්නේ මෙය ග්‍රීසියෙන් මෙතෙක් සොයාගන්නා ලද විශාලත ම සොහොන විය හැකි බවයි. මෙම ස්ථානය පුරාණ මැසිඩෝනියා රාජධානියේ ප්‍රධාන නගරය වු ඇම්පිපොලිස් හි එනම් කිලෝ මීටර් 100 ක් සැතපුම් 62 ක් නැගෙනහිරින් ග්‍රීසියේ දෙවන විශාලම නගරය වන තෙසලොනිකි හි පිහිටා තිබේ.
සොහොන් කොත ක්‍රිස්තු පූර්ව හතරවැනි සියවසට අයත්ය. විශ්කම්භය මීටර් 500ක් අඩි 1600 ක් වේ. මෙම ස්ථානය වර්ජිනියා එනම් තෙසලෝනිකි වලට බටහිර වන්නට ඇලෙක්සැන්ඩර් ගේ පියාවන පිලිප් 11 ගේ සුසාන භූමිය පිහිටි ස්ථානය බව සොයාගෙන ඇත.
අපි මෙම ස්ථානය නරඹන්නේ සහ කැනීම් කරණු ලබන්නේ විශ්මයෙන් සහ ගැඹුරු උද්වේගයකින් බව ග්‍රීක සංස්කෘතික කටයුතු ඇමති කොන්ස්ටන්ටිනෝස් තසෝලස් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ.
මෙම සුසාන ස්මාරකය විශිෂ්ඨ පරිමානයකින් හා සිත්ගන්නා හා රමණීය ආධිපත්‍යයකින් යුක්තය. සොහොන් කොත ඇතුලත තිබී පුරාවිද්‍යාඥයින් සොයාගෙන ඇත්තේ කුරෑපා ගැහැණු රෑප දෙකකි. මෙම එකක ගැහැණු රෑපයේ දෙඅත් විදහා දක්වා ඇත්තේ අනුමාන වශයෙන් බලෙන් සොහොන් කොතේ ප්‍රධාන කුටීරයට ඇතුල්වන්නන් වැලැක්වීම සඳහා වේ.
මෑතකදී ගත් මෙම ස්ථානයේ ලබාගත් ඡායාරූප පෙන්වා දෙන්නේ මෙම ස්ත්රීරෑප මීටර් 2.27 ක් හෙවත් අඩි 7 ක් උස බවයි.
මෙම කැනිම් ස්ථානය පැය විසිහතරේම පොලිසිය මගින් ආරක්ෂාව යොදා තිබේ. සංචාරකයන්ට මෙන්ම පුවත්පත් වාර්තා කරුවන්ට ද මේ
මෙම ස්ථානය සංචාරකයන්ගෙන් හා පුවත්පත් වාර්තාකරුවන් ඇතුලුවීමෙන් වලක්වා තිබේ.
2025 දෙසැම්බර් මස 04
519
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
479
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
418
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පැරණි ග්‍රීක සොහොනක් මතුවේ