ගෘහ නිර්මාණ ශිල්පී ක්ෂේත්‍රයේ සිදුකරන ලද සුවිශේෂී කාර්යයන් වෙනුවෙන් වාර්ෂිකව පිරිනමන ප්‍රිට්ස්කර් සම්මානය මෙවර ඉන්දියානු ජාතික බාල්ක්‍රිෂ්ණ දෝශි විසින් දිනාගෙන ඇත.
ජාත්‍යන්තරව පිරිනමන මෙම සම්මානය දෝශිට හිමිව ඇත්තේ අඩු වියදම් නිවාස සැලසුම් කිරීම සම්බන්ධව ඔහු විසින් සිදුකරන ලද පුරෝගාමී මෙහෙවර වෙනුවෙනි.
අනූවියැති දෝශි ප්‍රිට්ස්කර් සම්මානයට හිමිකම් ලැබූ ප්‍රථම ඉන්දියානුවා වන අතර සම්මානයත් සමග ඔහුට ඩොලර් 100000ක මුදල් ත්‍යාගයක් හිමිවීමට ද නියමිතය.
දෝශි විසින් ඉන්දියාවේ මධ්‍යම නගරය වන ඉන්දෝරේහි සැලසුම් නිර්මාණය කරන ලද අඩු වියදම් නිවාස සංකීර්ණය ද බැංගලෝර්හි කළමණාකරන පාසල ද අද්විතීය නිර්මාණයන් ලෙස සැලකේ. ඉන්දියානු සම්ප්‍රදායන් අනුගමනය කරමින් සැලසුම් කල ඔහුගේ නිර්මාණ අතර රජයේ ආයතන, නිවාස සංකීර්ණ, පොදු ස්ථාන, පෞද්ගලික නිවාස හා තවත් බොහෝ ගොඩනැගිලි ද වේ.
මුම්බායි නගරයේ අධ්‍යාපනය ලැබූ දෝශි පසුව ප්‍රංශයේ පැරිස් නුවර ගෘහනිර්මාණශිල්පී සමාගමක සේවය කර ඇත.
(බීබීසී ඇසුරිණි - 085)


2025 දෙසැම්බර් මස 18
21
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රිට්ස්කර් සම්මානය ඉන්දියානු ජාතික බාල්ක්‍රිෂ්ණ දෝශිට