පරිගනක පද්ධති බිඳවැටීමක් හේතුවෙන් ඩෙල්ටා ගුවන් සේවයට අයත් ගුවන් යානාවලින් ගමන් කිරීමට බලාපොරොත්තුවෙන් සිටි ලොවපුරා දහස්ගනනක් ජනතාව අද (08) අපහසුතාවයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජෝර්ජියානු සමාගමක් වන ඩෙල්ටා ගුවන් සේවය දිනකට ගුවන් යානා 5 000ක් පමණ සේවයේ යොදවයි. ඔවුන් පවසන්නේ අද දිනයේ සිදුවූ ව්‍යාකූල තත්වය නිසා ගමන් වාර 858ක් අත්හිටුවිමටත් 7 359ක් ප්‍රමාද කිරීමටත් සිදුවූ බවයි.
එංගලන්තයේ, ජර්මනියේ සහ ඇමරිකාවේ ගුන්තොටුපළ බොහොමයක් වෙත පැමිණි මගීන් තමන් ගමන් කිරීමට නියමිත යානය පැමිණෙන වේලාව වත් නොදැන රැඳි සිටින බව වාර්තා වේ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ! නිකරුනේ කී දෙනෙක් රස්තියාදුවේද? (නි)
හැම එකම බදාගෙන එකක්වත් හරියට කරන්නෙ නැහැ (නි)