පැපුවා නිව්ගිනියාවේ ඇතිවූ රිච්ටර් මාපාංක 7.5ක ප්‍රබලත්වයෙන් යුත් භූමි කම්පාවක් හේතුවෙන් 14දෙනකු පමණ මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
තහවුරු නොකල ආරංචි මාර්ග පවසන්නේ මියගිය සංඛ්‍යාව 30ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
දකුණුදිග කඳුකර ප්‍රදේශයට වැඩිපුර හානි සිදුවී ඇති බවත් නායයෑම් හා කඳු කඩාවැටීම් හේතුවෙන් ජීවිත හා දේපල හානි සිදුවී ඇති බවත් බලධාරීහු පවසති.
ප්‍රබල ගෑස් බලාගාරයකට සහ පතල් කර්මාන්තයට දැඩි හානි සිදුවී ඇත.
ප්‍රධාන කම්පනයෙන් පසු තවත් ප්‍රබල පසුකම්පන කිහිපයක් සිදුවි ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණාගාරය පවසයි.
(රොයිටර් ඇසුරිණි - 085)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd