IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පාප්වහන්සේ පලස්තීන ජනාධිපති හමුවෙයි

වතිකාන නගරයේදීය (රොයිටර්ස්)

ඇමෙරිකා එක්සත් ජනපදය ඊශ්‍රයලයේ පිහිටි ඔවුන්ගේ තානාපති කාර්යාලය ජෙරුසලෙමට ගෙන යෑමෙන් පසු පළමුවරට අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සහ පලස්තීන ජනාධිපති මහමූද් අබ්බාස් අතර හමුවක් අද (3) සිදුවිණි.

එහිදි ජෙරුසලෙමේ තත්ත්වය පිළිබඳ පාප්වහන්සේ සහ වතිකානය අවධානය යොමු කර ඇතැයි ද පැවසේ. 

ඇමෙරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ පිහිට තම තානාපති කාර්යාලය ජෙරුසලෙමට රැගෙන යෑමත් සමඟ ජාත්‍යන්තරය තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතු වූ අතර මිත්‍ර රටවලින් ද ඇමෙරිකාවට තරමක විවේචනයක් එල්ල විය. 

පාප් වහන්සේ සහ පලස්තීන ජනාධිපතිවරයා එකිනෙකා බදාගනිමින් සුහදතාව පළ කළ අතර විනාඩි 20කට ආසන්න කාලයක් පෞද්ගලික සාකච්ඡාවක් ද පැවැත්වූහ. වතිකානයේ පාප්වහන්සේ රැඳි සිටින මාලිගයේ පුස්තකාලයේදී එම සාකච්ඡාව පැවැත්විණි. 

ක්‍රිස්තියානි, යුදෙව් සහ ඉස්ලාම් යන ආගම් තුනේ මූලාරම්භය සනිටුවහන් වී තිබෙන ශුද්ධ නගරය වන ජෙරුසලෙම විශ්වීය වටිනාකමක් සහිත නගරයක් බවත් එහි අනන්‍යතාව හඳුනාගැනීම සහ ආරක්ෂා කරගැනීම ඉතා වැදගත් බවත් පාප් වහන්සේ සහ පලස්තීන ජනාධිපතිවරයා අතර සාකච්ඡාවේදී විශේෂයෙන් සාකච්ඡා කෙරුණු බව හමුව පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් වතිකානය සඳහන් කළේය. 

055

 



අදහස් (0)

පාප්වහන්සේ පලස්තීන ජනාධිපති හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 127 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 753 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site