තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මහ ඇමැති සහ වැඩබලන මහ ඇමැතිවරයා වශයෙන් කටයුතු ඕ.පන්නීර්සෙල්වම් මහතා ඇතුළු විසිදෙනකු ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂයෙන් නෙරපා ඇතැයි ඉන්දීය පුවත් සේවා අද (14) වාර්තා කළේය.  

මේ අනුව අන්නා ද්‍රවිඩ මුනේත්‍ර කසාගම් පක්ෂයේ ඕ.පන්නීර්සෙල්වම් මහතා, එම පක්ෂයේ සාමාජික තමිල්නාඩු ප්‍රාන්තයේ පාසල් අමාත්‍ය මා ෆෝයි පාණ්ඩියරාජන් මහතා ඇතුළු 18 දෙනකු පක්ෂයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත. මෙම තීරණය ගෙන ඇත්තේ පක්ෂයේ මහලේකම්වරිය ලෙස කටයුතු කළ ශෂිකලා නටරාජන්ය මහත්මියය. 

දූෂණ චෝදනාවලට වැරැදිකරුවන් කරමින් ශෂිකලා නටරාජන් මහත්මිය, ඉලවරාසි මහත්මිය සහ සුධාකරන් මහතා ඇතුළු පිරිසට සිර දඬුවම් සහ දඩ නියම කිරීමෙන් අනතුරුව ඕ.පන්නීර්සෙල්වම් තමිල්නාඩු ප්‍රාන්තයේ වැඩ බලන මහ ඇමැතිවරයා ලෙස පත්විය. පක්ෂයේ පිරිසක් ඔහුට සහාය දැක්වූහ. ඕ.පන්නීර්සෙල්වම් මහතා වැඩබලන මහ ඇමැතිවරයාට සහාය පළ කළ බවට චෝදනා එල්ල කරමින් 18 දෙනකු ශෂිකලා මහත්මිය සහ ඇයට හිතවත් පිරිස කටයුතු කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.

ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව අගය කරන බවත් ඊඩප්පඩි කේ. පලනිස්වාමි මහතා පක්ෂයේ නායකත්වයට පත්වූයේ ශෂිකලා මහත්මියගේ බලය යටතේ යැයි ජයලලිතා ජයරාම්ගේ ලේලිය පැවසූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබිය යුතුව තිබුණ තීන්දුවක් බවත් දූෂණවල නිරත වූවන්ට එරෙහිව පියවර ගත යුතු බවත් ඇය පවසා තිබිණි.

ජයලලිතා ජයරාම් මෙනවියට කිසිම අවස්ථාවක ශෂිකලා මහත්මියට තනතුරක් නොදුන් බව ද පක්ෂය තුළ දැන් ඇති වී තිබෙන අර්බුදය ශෂිකලා පක්ෂය තුළ ගොඩනගා ගෙන ඇති බලය පෙන්නුම් කරන්නක් බව ද ඇය උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.