ඇමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක දෙපාර්තමේන්තුව වන පෙන්ටගනයට වෙන් කර ඇති මුදල්වලින් ඇමෙරිකාව සහ මෙක්සිකෝව අතර තාප්පය ඉදි කිරීමට හැකියාව ඇතැයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේය.
පෙන්ටගනය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5ක මුදලක් වෙන් කර ඇති අතර එම මුදලින් ඇමෙරිකානු - මෙක්සිකානු දේශසීමාවේ තාප්පය ඉදි කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු තීරණය කළහ. ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය විනිසුරුවරුන් නවදෙනකුගෙන් සමන්විත වන අතර මෙම තීරණයට පක්ෂව විනිසුරුවරු පස්දෙනෙක් තීන්දු දුන්හ.
දේශසීමා තාප්පය ඉදිකිරීම වළක්වමින් කැලිෆෝනියා ප්‍රාන්තයේ ෆෙඩරල් විනිසුරුවරයකු තීන්දුවක් දුන් අතර එම නිසා තාප්පය ඉදි කිරීමේ ක්‍රියාවලිය අතරමැද නැවැතුණි.
ඇමෙරිකා එක්සත් ජනපදය සහ මෙක්සිකෝව වෙන් කරමින් දේශසීමාවේ තාප්පයක් ඉදි කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා දිගින් දිගටම අවධාරණය කළ අතර එය 2016 ජනාධිපතිවරණය සමයේදී ඔහු දුන් ප්‍රධාන පොරොන්දුවක් විය.
තාප්පයක් ඉදි කිරීමේ ට්‍රම්ප්ගේ තීරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව කැලිෆෝනියා, ඇරිසෝනා සහ නිව් මෙක්සිකෝ ප්‍රාන්තවල තාප්පය ඉදි කිරීම සඳහා එම මුදල් භාවිත වනු ඇත.
තාප්පය ඉදි කිරීම සඳහා මුදල් භාවිත කළ හැකි යැයි කොංග්‍රසය නිසි පරිදි අනුමැතිය ලබා දී නැතැයි කැලිෆෝනියා අධිකරණය ට්‍රම්ප් තීරණයට විරුද්ධව තර්කයක් ඉදිරිපත් කළේය.
(ඒ.එෆ්.පී. සහ බී.බී.සී. ඇසුරිනි)
055

2025 දෙසැම්බර් මස 18
176
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෙන්ටගනයට වෙන් කළ මුදල් ඇමෙරිකානු - මෙක්සිකානු දේශසීමා තාප්පයට
Amarasingha Monday, 29 July 2019 08:28 AM
ලොවටම සමානාත්මතාවය, සහජීවනය, සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය කියල දෙනවා යයි උජාරුවට කියන ඇමරිකාවද දේශසීමා තාප්ප බඳිනවා. තම රට, ජාතිය ආරක්ෂා කරගන්න. එ්කට අපේ රටේ ඉන්න වෙන්ඩ අැමරිකන්ස්ලා අහක යන කුණු ගෙනත් දාගන්නවා. රටේ මහ ජාතියට වින කරනවා.