චීනයේ අන්හුයි ප‍්‍රාන්තයේ පදිංචිව සිටින තම බැලීමට යන්නෙමියි සිතා චීන ජාතික වැන්ග් නිවසින් පිටත්වූයේ පාන්දරමය.
මවගේ නිවසට ඔන්න මෙන්න කියා තිබියදී මාර්ගයේ පසෙක වැටී සිටි කාන්තාවක් ඔහුගේ නෙත ගැටුණි.වයස්ගත කාන්තාවක් වූ ඇය සිටියේ නිසොල්මන්වය.අවට ලේ විසිර තිබිණ.
ඇයට උදවු කිරීමට ඔහුට සිත්වුවත් පසුව අදහස වෙනස් කරගත් ඔහු දිගටම තම මෝටර් රථය පැදවීය.වෙන කෙනෙක් ඇයට උදවු කරතියි ඔහු සිතීය.
අවසන ඔහු තම මවගේ නිවසට පැමිණියේය.නමුත් ඇය නිවසේ සිටියේ නැත.අසල්වාසියෙකුගෙන් විමසූ විට ඔහු වැන්ග් හා පැවසූයේ තම පුතු එන පෙරමගට ගොස් ඔහු පිළිගැනීමට යැයි කියා ඇය මද වෙලාවකට පෙර නිවසින් පිටත්ව ගිය බවය.
මේ ඇසූ වැන්ගේ හිස රත්විය. මහමග වැටී සිටි කාන්තාව එක්වරම ඔහුගේ සිහියට ආවේය.වහාම ඇය සොයාගිය ඔහු සිහිසුන්ව වැටී සිටි ඇය පරීක්ෂා කළ බැලූවේය.අවාසනාවට ඒ සිටියේ ඔහුගේ මවය.
වහාම පොලිසිය කැදවා ඇය රෝහල් ගත කිරීමට වැන්ග් කටයුතු කළද ඒ වන විට ප‍්‍රමාද වැඩිව තිබිණ.
මුලදීම මෝටර් රථය නවතා ඇයට උදවු කළේ නම් තම මව අද දිනයේත් ජීවතුන් අතර සිටින බව කියමින් වැන්ග් තවමත් පසුතැවෙන්නේය.
අන් අයට උදවු කිරීමට අවස්ථා එමට තිබුණත් එසේ උදවු කිරීමට ගොස් නැති ගැටලූ ඇතිවීමට තිබෙන ඉඩ නිසා දැන් අතීතයේ මෙන් යහපත් සමරිතානුවරුන් සොයාගත නොහැකි බව මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන අන්හුයි ප‍්‍රාන්ත පොලිසිය පවසයි.
වැන්ගේ මවට මරු කැදවූ ඝාතකයා සොයාගැනීමට මේ වන විට හැකිව තිබෙන අතර තම මෝටර් රථයේ ඇය ගැටුණු බවත් ඇය මියගියේයැයි සිතා බියවී තමන් පළාගිය බවත් ඔහු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මවකගේ දරු සෙනෙහස කිසිවකට උපමා කල නොහැකිය. මොනි ඔබට නිවන් සුව පතමි (නදී)
හරිම සංවේදී සිදුවීමක් (නි)
ආත්මාර්ථකාමීත්වයට ධර්මතාවය විසින් දෙන දඬුවම කුරිරු වුවත් එය පිළිගත යුතුය. ඒ ඔහු ඊට සුදුසු බැවිනි. (නි)
යහපත් සමරිතානුවරයාගේ උපමාව මේකට කදිමට ගැලපෙනවා ,මොනවා උනත් ඒ මවට වුන දේට හරිම දුකයි (නදී)