රුසියානු ජනාධිපති ව්ලැදිමීර් ප්‍රබල ප්‍රතිවාදියකු යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි. බයිඩන් මෙසේ පැවැසුවේ, බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැති 'නේටෝ' සමුළුව අතරතුරේදීය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ රුසියන් ජනාධිපති පුටින් අතර මුහුණට මුහුණ හමුව හෙට (16) පැවැත්වෙයි. ඒ, ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදීය.
ජෝ බයිඩන් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු, රුසියන් ජනාධිපති පුටින් හමුවන පළමු අවස්ථාව මෙයයි. බයිඩන්, ඔබාමා පරිපාලන කාලයේ ඇමෙරිකාවේ උප ජනාධිපති ලෙස කටයුතු කළේය. උප ජනාධිපති ලෙස බයිඩන් සඑ පුටින් අතර මුහුණට මුහුණ හමුවීම් සිදුවිය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැරිකමට කියන කථා. කපන්න බැරි අත ඉඹිනවා...