IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පාකිස්තාන රෝහලකට තලේබාන් ප‍්‍රහාරයක්

පාකිස්තාන තලේබාන් සටන්කාමීන් සය දෙනකු පෙරේදා (15) එරට බලූකිස්තාන ප‍්‍රාන්තයේ ක්වෙටා නුවර මහ රෝහලට කඩා වැදී එල්ල කළ ප‍්‍රහාරයකින් විසි දෙදෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර 35 දෙනෙක් තුවාල ලැබූහ.
මියගිය අය අතර රෝගීන්, වෛද්‍යවරුන්, හෙදියන්, සහ රෝහල් ආරක්ෂක නිලධාරීන් ද සිටින බව එරට පුවත් සේවා වාර්තා කර තිබුණි.
තලේබාන් සටන්කාමීන් සය දෙනා රෝහලට කඩා වැදුණේ පෙරේදා සවස්වරුවේය.
ඒ, ඔවුන් ක්වෙටා නුවරදී විශ්ව විද්‍යාල සිසුවියන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියකට බෝම්බ ගසා පුපුරුවා හැරීමෙන් පසුවය.
බෝම්බ ප‍්‍රහාරයෙන් තුවාල ලබූ සිසුවියන් සිවු දෙනකු රෝහල් ගත කළ අවස්ථාවේදී සටන්කාමීන් රෝහලට පැමිණ එම පිරිස සොයමින් දකින දකින සෑම දෙනාටම වෙඩි තැබීමට පටන් ගෙන ඇත.
සටන්කාමීන් රෝහලට කඩා වැදුණු බව ආරංචි වූ සැණින් පාකිස්තාන හමුදා කොමාන්ඩෝ භටයෝ රෝහල වැටැලූහ. එම අවස්ථාවේදී දෙපිරිස අතර වෙඩි හුවමාරුවක් සිදුවිය.
සටන්කාමීන් පාකිස්තාන හමුදා භටයන්ට අත්බෝම්බවලින් ද පහර දීමට පටන් ගෙන ඇත.
සටන්කාමීන් රෝහලේ සිටි රෝගීන් වෛද්‍යවරුන් සහ හෙදියන් ප‍්‍රාණ ඇපයට ගැනීමට ද උත්සහ කළ බව ද වාර්තා විය.
පැය පහකට ආසන්න කාලයක් කොමාන්ඩෝ සෙබළුන් සහ සටන්කාමීන් අතර අවි ගැටුම් පැවැති අතර අවසානයේදී සටන්කාමීන් 6 දෙනා මරා දැමීමට සෙබළු සමත් වූහ.
ෂරියා නීතියට පටහැනි නිසා බාලිකා අධ්‍යාපනයට තලේබාන්වරු විරෝධය දක්වති. ඔවුන් විශ්ව විද්‍යාල සිසුවියන් ඉලක්ක කර ගනිමින් බස් රියට බෝම්බ දමා ගසමින් පහර දුන්නේ එහෙයිනි. ප‍්‍රහාරයට ලක් වෙද්දී බස්රියේ සිසුවියෝ 14 දෙනෙක් සිටියහ.
ප‍්‍රහාරයෙන් පසු බස් රිය ගිනිගත් අතර, බේරා ගැනීමට හැකිවී ඇත්තේ සිසුවියන් සිව් දෙනා පමණි. ඔවුන් ද දරුණු ලෙස පිළිස්සීම්වලට ලක් වී සිටි බව වාර්තා වේ.
1947 වසරේ දී වෙනම රටක් ලෙස පාකිස්තානය බිහිවීමේදී පුරෝගාමියා ලෙස කටයුතු කළ අලි ජින්නාගේ ඉපැරණි නිවසට ද පෙරේදා (15) උදෑසන සටන්කාමීහු පහර දුන්හ. එම නිවස 19 වැනි සියවසේ දී ඉදිකරන ලද්දකි.
තලේබාන් සටන්කාමීන් එම ප‍්‍රහාරය එල්ල කළේ පාකිස්තාන නව අගමැති නවාස් ෂරීෆ් ඔවුන්ට සාම මාවතකට පිවිසෙන්නැයි ආරාධනා කර ඇති අවස්ථාවකදීය. සාම සාකච්ඡා පැවැත්වීමට තමන් ද සූදානම් යැයි තලේබාන්වරුන් පවසා ඇති නමුත් ඒ සඳහා පසුබිමක් මෙතෙක් සකස් වී නැත.



අදහස් (0)

පාකිස්තාන රෝහලකට තලේබාන් ප‍්‍රහාරයක්

සම්පත් Monday, 17 June 2013 01:00 PM

ලෝක ත්‍රස්ත වාදය නිමවෙන්නේ කවදාද (දී)

:       0       0

සජිත් Monday, 17 June 2013 12:59 PM

ෂරියා නීතියේ කිසිම තැනක මෙවන් දෙයක් සඳහන්ව නැත. මෙය හුදු ඔවුන්ගේ (සටන්කාමීන්ගේ )මනසෙහි එල්බ ගත් දෙයක් පමණී. ෂරියා නීතිය අකුරටම රජයන රට සෞදි අරාබියාව. එහි දෙනටමත් සිසුවියන් සඳහාම වෙන්වුණු විශ්ව විද්‍යාල පවා ආරම්භ කර තිබෙනවා, "ප්‍රසන්න හිතේ තිබෙන්නාවූ පහත් දේ පෙන්වීමෙන් වලකින්න සත්‍ය නොදන්නේ නම් අසා හෝ දෙනගන්න.(නදී)

:       0       0

ප්‍රසන්න Monday, 17 June 2013 10:39 AM

ඔන්න ෂරිය නීතිය. "ෂරියා නීතියට පටහැනි නිසා බාලිකා අධ්‍යාපනයට තලේබාන්වරු විරෝධය දක්වති. ඔවුන් විශ්ව විද්‍යාල සිසුවියන් ඉලක්ක කර ගනිමින් බස් රියට බෝම්බ දමා ගසමින් පහර දුන්නේ එහෙයිනි" අපි එකට වැඩකරමු. මුස්ලිම් අන්තවාදයට විරුද්ධ වෙමු. සියලු මුස්ලිම්වරුන් තේරුම් ගතයුත්තේ අන්තවාදයෙන් කිසිවෙකුට යහපතක් නොවන බවයි. ලෝකයේ ඕනෑවටත් වැඩිය උදාහරණ ඇත. (නි)

:       0       0

ලාල් Monday, 17 June 2013 11:32 AM

හොඳ පුවතක්. (ස)

:       0       0

ජෙෆ් Monday, 17 June 2013 05:08 PM

ෂරියා නිතිය අපිට නම් අරහං... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31317 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13527 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11000 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 115 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 941 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site