IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පාකිස්තාන මුදල් ඒකකයේ අගය සියයට 7කින් පහළට

ඉස්ලාමාබාද්හිදීය (රොයිටර්)

පාකිස්තාන මහ බැංකුව එරට රුපියලේ අගය අවප්‍රමාණය කිරීමට තීරණය කිරීමත් සමඟ එම මුදල් ඒකකයේ අගය අද (9) සියයට 7කින් පහළ වැටිණි.

එරට කොටස් වෙළෙඳපොළද අද කඩා වැටිණි. පාකිස්තානය මේ වනවිට ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින අතර එම තත්ත්වය මත අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ණය මුදලක් ද ඉල්ලා ඇත.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා කාලයේදී පාකිස්තාන මහ බැංකුව අවස්ථා පහකදී එරට රුපියලේ අගය අවප්‍රමාණය කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස එම කාලය තුළ දී පාකිස්තාන රුපියලට එහි අගයෙන් සියයට 26කට ආසන්න ප්‍රමාණයක් අහිමි වී තිබේ.

මේ වනවිට පාකිස්තානය අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ණය පැකේජයක් ඉල්ලා ඇති අතර රුපියල අවප්‍රමාණය කිරීම එහි පූර්ව අවශ්‍යතාවක් බව ද පැවසේ. අන්තර්ජාතික මූලය අරමුදල 2013 වසරේදීද පාකිස්තානයට එක්සත් ජනපද ඩොලර් බිලියන 6.7ක ණය මුදලක් ලබා දුන්නේය.

055

 



අදහස් (0)

පාකිස්තාන මුදල් ඒකකයේ අගය සියයට 7කින් පහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site