ලන්ඩන් නුවර බකිංහැම් මාලිගයට පැමිණ, තමන් හමුවන ලෙසටත් පොදු රාජ්‍ය මණ්ඩලීය අධ්‍යාපන සමුළුවට සහභාගී වන ලෙසටත්
|
දෙවැනි එලිසබත් මහ රැජින, පාකිස්තාන දැරිය මලාලා යූසොෆ්සායිට ඇරැයුම් කර ඇත.
බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නැගීමේ වරදට තලේබාන් වෙඩි ප‍්‍රහාරයකට ලක් වී දිවි ගලවා ගත් මලාලා දැරිය, දෙවැනි එලිසබත් මහ රැුජින පමණක් නොව, ඇගේ සැමියා පිලිප් කුමරු ද හමුවීමට නියමිතය.
16 හැවිරිදි ඇය, ඉන්පසු රැජින සමඟ පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල්වල අධ්‍යාපනය තේමා කොටගෙන පැවැත්වෙන විශේෂ සමුළුවකටද සහභාගී වීමට නියමිතය. ලබන 18 වැනිදා පැවැත්වෙන එම සමුළුවට ලොව කීර්තිමත් විද්වතුන් රැසක් මෙන්ම රාජ්‍ය නියෝජිතයෝ ද සහභාගී වෙති.
බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් සමාජ මෙහෙවරක නියැළීම ඇගයීමට ලක් කරමින් පසුගිය සති අන්තයේ මලාලාට, රුසියානු මාධ්‍යවේදිනී ඇනා පොලිට්කොව්ස්කායා ගෞරව සම්මානය ද හිමිවිය. ඇනා පොලිට්කොව්ස්කායා යනු සමාජ මෙහෙවරක නියැලී ඒ වෙනුවෙන් දිවි පිදු මාධ්‍යවේදිනියකි.
මේ වසර සඳහා නොබෙල් ත්‍යාග පිරිනැමෙන්නේ කාටදැයි යන්න ලබන 11 වැනිදා ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති අතර, නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් මලාලාගේ නම ද යෝජනා වී ඇත.
නොබෙල් සාම ත්‍යාගය මෙවර ඇයට හිමිවුවහොත්, ලාබාලම නොබෙල් සාම ත්‍යාගලාභියා මලාලා වනු ඇත.
මලාලා ජීවත් වූයේ පාකිස්තානයේ ස්වාත් මිටියාවතේ ය. බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් අන්තර් ජාලය ඔස්සේ හඬ නැගීමේ වරදට ඇය තලේබාන් සටන්කාමියකුගේ වෙඩි ප‍්‍රහාරයකට ලක් වූයේ ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේදීය.
හිසට වෙඩි වැදී තුවාල ලැබූ මලාලා බි‍්‍රතාන්‍ය රජයේ අනුග‍්‍රහයෙන් බි‍්‍රතාන්‍යයට ගෙනෙනු ලැබුණි. ඇයට වැඩි දුර ප‍්‍රතිකාර ලැබුණේ බි‍්‍රතාන්‍යයේදීය.
දැන් ඇයත් ඇගේ පවුලේ අයත් ජීවත් වන්නේ ද බි‍්‍රතාන්‍යයේය. ඒ බි‍්‍රතාන්‍ය රජයේ ආරක්ෂාව මැදය. ඇය යළි පාකිස්තානයට පැමිණියහොත් මරා දමන බවට තලේබාන් සංවිධානය අනතුරු අඟවා ඇත.
මේ වනවිට එක්සත් ජාතීන්ගේ සංවිධානය, සෑම ජූලි 12 වැනිදාම මලාලා දිනය ලෙස ද නම් කර ඇත. මලාලාගේ උපන්දිනය යෙදෙන්නේ එදිනටය.
ඉකුත් ජූලි 12 වැනිදා, ඇගේ 16 වැනි උපන් දිනය දා, මලාලා එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණි අතර ලෝකයේ රටවල් රැසකින් එහි රැස්ව සිටි යොවුන් නායකයන් 500 දෙනකු අමතා විශේෂ දේශනයක් ද පැවැත්වූවාය. ලෝකයේ බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු යැයි මලාලා එම අවස්ථාවේදී ඉල්ලීමක් ද කළාය.
COMMENTS
නිමල් ළමයෝ, සාම නොබෙල් තෑග්ග ලබපු හැමෝම සාමයටම වැඩ කරපු අය නොවෙයි. ඉතිහාසය බලන්න. වෙනත් සමාජ සේවා හා සමාජ මෙහෙවර කල අයටත් දෙන්නේ සාම තෑග්ග තමා. (ස)
නොබෙල් සාම තෑග්ග හම්බවෙන්නේ කොහොමද මෙයට? මෙයා සාමය වෙනුවෙන් මුකුත් කරලා නැහැ නේද (අ)
මලාලට කරන සැලකිලි, ඉස්ලාම්ම් අන්තවාදී තල්යිබාන් අයට හොඳ කම්මුල් පාරක්. (අ)
ගරිල්ලා මාකටින්? නෑ.. ගරිල්ලා එරෙහි මාකටින්. (නදී)
ඒ වුනාට අපේ නයි නලගන තරම් ජනප්‍රිය නැහැ.(නදී)
මෙම දැරියට නොබෙල් සාම ත්‍යාගය හිමිවෙනවා නිසැකයි. ඇත්තටම මෙම දැරිය එම ත්‍යාගයට අන් සෑම අයෙකුටම වඩා සුදුසු බව මගේ හැඟීමයි (නි)
ඇය ලබා ඇති සාර්ථකත්වයක තරම! (නි)
දැන් ඉතින් මොනවාහරි ලියමු අපි (නි)
මානව පිල්ලි වලින් හිටපු එල්.ටී.ටී ලොක්කාවත් යෝජනා කරයිද (නදී)
චන්ද්‍රසිරි, නයි නළඟන තරම් ලස්සනත් නැහැ නේද? (නි)
සාම ත්‍යාගය ගන්නට සාමයක් කිරීමටම අවශ්‍ය නැත. මෙය ස්වීඩන් රටෙන් ලබා දෙන එකක්. (නි)
අපේ ලංකාවෙනුත් දැම්මම ඉල්ලුම් කරන්න කවුරු හෝ සුදුසුකම් ලබා තිබේ නම් (නි)
මුස්ලිම් අන්තවාදය නැති දිනක සියලු මානව හිමිකම් සුරක්ෂිත වනු ඇත. (ස)
මලාලට අපේ සුභ පැතුම්! (ස)
සමන්ගෙ කතාව හරි. (ස)
රනිල් තුමා මෙයට හොඳම සුදුස්සා. පක්ෂයේ මිනිස්සු වෙඩි කෑවත්, උද්ගෝෂණය කරත්, වස බීල මැරුණත් නොසැලෙන ගුණයෙන් සහ දැඩි අධිෂ්ඨානයෙන්, මේ සැරේ පැරදුනත් ඊලග සැරේ දෙන්නම් බැටේ සිතමින් අවුල් වූ සිරිකොතම සිය කරපිට දරා ගෙන යන ගමනට..... (ස)
අපිත් පරිසර සංරක්ෂණය, අලුත් විද්‍යා සොයා ගැනීම්, ජාතීන් අතර සාම ඇති කරන වැඩ පිළිවෙලක්, සාහිත්‍යට, පුරාවිද්‍යාවට සේවයක් මේ වාගේ දෙයකින් හරි සම්මානයක් ලබා ගමු. (ස)
අනේ කවුරු හරි බුද්ධිමතෙක් කියලා දෙනවද ඕක දෙන්නේ නෝර්වේ රටද ? අපේ හිටපු ප්‍රබාට දෙන්නේ බැරිද ඕක.... (ස)
දැන් මෙයාවත් බටහිරයන් වෙළඳ භාණ්ඩයක් කරගෙන වගේ. (ස)