උතුරු පාකිස්තානයේ ගමන් කරමින් තිබූ බස් රථ කිහිපයක් නැවතූ යුද සෙබළුන් ලෙස වෙස්වලාගත් අන්තවාදී ආගමික අදහස් දරන පිරිසක් පෙරේදා(28) එම බස් රථවල සිටි ෂියා මුස්ලිම් ජාතිකයන් 18 දෙනකු අමානුෂික ලෙස ඝාතනය කර ඇතැයි වාර්තා වේ.
තලෙයිබාන්වරුන්ගේ කඳවුරු පිහිටා තිබූ ස්වාට් නිම්නයට ආසන්නයේ පිහිටි කොහිස්තාන් දිස්ති‍්‍රක්කයේදී මෙම ඝාතනය සිදු කර ඇති බවත් එම සිදුවීමට වගකිවයුත්තෝ කවුරුද යන්න නොදන්නා බවත් ප‍්‍රාදේශීය පොලිස් ප‍්‍රකාශකයෙක් පැවසීය.
පොලීසිය පැවසුවේ මාර්ගයේ ගමන් කරමින් තිබූ බස් රථ නැවතූ අන්තවාදීන් එහි ගමන් ගත් පිරිස් එයින් බස්වා ෂියා සහ සුන්නි මුස්ලිම්වරුන් වෙන වෙනම හඳුනා ගෙන අනතුරුව ෂියා මුස්ලිම්වරුන් ඝාතනය කළ බවයි. මෙම ප‍්‍රචණ්ඩකාරී සිදුවීමෙන් අනතුරුව පුද්ගලයන් අට දෙනෙක් තුවාල ලබා ඇත.
රාවල්පිණ්ඩි නගරයේ සිට ගිල්ගිට් නගරය දක්වා ගමන් කරමින් තිබූ බස් රථ තුනක් මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇත.
මෙම සිදුවීමත් සමඟ පාකිස්තානය තුළ වෙසෙන බහුතරයක් වන සුන්නි ජාතිකයින් සහ සුළුතරයක් වන ෂියා ජාතිකයන් අතර නිතර ඇතිවන අන්තවාදී ගැටුම් උත්සන්න වීම සම්බන්ධයෙන් එරට රජයට මානව හිමිකම් කි‍්‍රයාකාරීහු චෝදනා කරති.
2025 දෙසැම්බර් මස 04
532
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
481
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
420
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පාකිස්තාන ආගමික අන්තවාදීහු බස් මගීන් 18ක් ඝාතනය කරති