IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පකිස්තාන අගමැතිට හදවත් සැත්කමක්

පකිස්තාන අගමැති නවාස් ෂරීෆ් අද(31) එංගලන්තයේ ලන්ඩන් නුවර රෝහලකදී විවෘත හදවත් සැත්කමකට ලක් කැරෙන බව විදෙස් පුවත් සේවා පවසයි.

වසර 5ක් තුළ නවාස් ෂරීෆ්ට සිදුකරනු ලබන දෙවැනි හදවත් සැත්කම මෙය බව කියති.

පකිස්තානයේ වාර්ෂික අයවැය ඉදිරිපත් කිරීමට දින තුනක් තිබියදී අගමැතිවරයා මෙම සැත්කමට මුහුණ දෙන අතර මුදල් ඇමැති ඉෂාක් ඩාර් රජයේ වගකීම් කරට ගෙන කටයුතු කරනු ඇති බව කියති. පකිස්තාන ව්‍යවස්ථාවට අනුව අගමැතිවරයා අසනීපයෙන් සිටියදී වැඩබලන අගමැතිවරයකු පත් කිරීමට නොහැකි බව පකිස්තාන රජයේ ප්‍රකාශකයකු පවසා ඇත.

මේ අතර පකිස්තාන අගමැතිවරයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දුරකථන ඇමතුමක් ලබාදී ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

 



අදහස් (0)

පකිස්තාන අගමැතිට හදවත් සැත්කමක්

කුමාර් (ගල්ෆ්) Wednesday, 01 June 2016 12:57 PM

අපේ රටට උදව්කළ සැබෑ මිතුරෙක්. (නි)

:       0       0

ධම්ම Wednesday, 01 June 2016 04:17 PM

එතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. (නි)

:       0       0

සේන Tuesday, 31 May 2016 11:42 AM

ඉක්මන් සුවය පතනවා (ම)

:       0       0

සේරම් පැරිස් Tuesday, 31 May 2016 01:39 PM

ත්‍රිවිද රත්නයේ පිහිටෙන් ජේසු පිහිටෙන් අල්ලාහ් දෙවියන්ගේ පිහිටෙන් , ඉක්මනින් සුවය ලේබෙන්න පතනවා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site