වයඹ දිග පාකිස්තානයේ ජනාකීර්ණ වෙළෙඳපොළක් ආසන්නයේදී පෙරේදා(16) කාර් බෝම්බයක් පුපුරායාමෙන් 29 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 65 දෙනකු තුවාල ලැබූ බව එරට ආරක්ෂක අංශ නිලධාරියෙක් පැවැසීය. ඇෆ්ගන් දේශසීමාසන්නයේ පිහිටි ගෝත‍්‍රික නගරයක් වන ලන්ඩි කෝටාල්හිදී මෙම බෝම්බය පුපුරා ගොස් ඇති බවත් මෙය සති කිහිපයක් තුළ සිදු වූ දරුණුතම සිදුවීමක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ප‍්‍රදේශයේ ගෝත‍්‍රික නායකයකු ඉලක්ක කර ගෙන මෙම ප‍්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා වේ. ප‍්‍රහාරයෙන් තුවාල ලැබූවන් 18 දෙනකු රෝහල කරා රැගෙන යමින් සිටියදී මියගොස් ඇතැයි ද මියගිය අය අතර ළමයින් තිදෙනකු ද සිටි බව රෝහල් ආරංචිමාර්ග පවසයි. ප‍්‍රහාරය සම්බන්ධයෙන් වගකීම මෙතෙක් කිසිදු පාර්ශවයක් බාරගෙන නොමැති අතර මෑතකාලීනව සිදුවූ ප‍්‍රහාර පිටුපස සිටි තලෙයිබාන් සටන්කාමීන් මෙම ප‍්‍රහාරය සිදු කර ඇතැයි පාකිස්තාන හමුදා ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය.
1
නියාමනයෙන් පස්සේ ත්රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd