IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පාකිස්තානයේ කම්හලක් කඩා වැටී 21ක් මරුට

පාකිස්තානයේ ලාහෝර් නුවර ඉකුත් 06 වැනිදා තෙමහල් කර්මාන්තශාලාවක් කඩා වැටීමෙන් මියගිය පුද්ගලයන් ගණන 21 දක්වා ඉහළ ගොස් ඇති බව පාකිස්තාන ආපදා කළමනාකරණ ආයතනය ප‍්‍රකාශ කළේය. මියගිය පුද්ගලයන් අතර කාන්තාවන් 16 දෙනෙක් සහ ළමයින් සිවුදෙනෙක් සිටින බව ද වාර්තා වේ. මහල් තුනකින් යුතු ඖෂධ නිෂ්පාදනය කරන  කර්මාන්තශාලාවක් වන මෙහි තිබූ බොයිලේරුවක් සහ ගෑස් සිලින්ඩරයක් පුපුරායාමෙන් හටගත් කම්පනයෙන් ගොඩනැගිල්ල කඩා වැටී ඇති බව පාකිස්තාන පොලීසිය සඳහන් කරයි. අනතුරට පත්වූවන් මුදාගැනීමේ කටයුතු සිදු කරන අතරතුර පනස් වියැති පුද්ගලයකු සහ තිස් අට හැවිරිදි කාන්තාවක් බේරා ගැනීමට සහනසේවකයන්ට හැකි විය. ඒ සමඟම අනතුරින් දිවි ගලවාගත් පිරිස දාහතක් දක්වා ඉහළ ගිය බව සහනසේවා නිලධාරීහු පැවසූහ. වසර 25 තරම් පැරණි මෙම ගොඩනැගිල්ලෙහි පවත්වාගෙන ගිය කර්මාන්තශාලාව රජයේ ලියාපදිංචි නොකළ නීතිවිරෝධී එකක් බවත් එහි හිමිකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අරඹා ඇතිබවත් පොලිස් ප‍්‍රකාශකයෙක් පැවසීය. මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කෙරෙන අතර ගොඩනැගිල්ල තුළ සිරවී සිටින පුද්ගලයන් ගණන නිශ්චිතවම කිව නොහැකි බව සහනසේවකයෝ ප‍්‍රකාශ කළහ.



අදහස් (0)

පාකිස්තානයේ කම්හලක් කඩා වැටී 21ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site