
උතුරු අප්‍රිකා වෙරළ තීරයට ඔබ්බෙන්, මධ්‍යධරණී මුහුදෙන් සහ ජිබ්‍රෝල්ටාර් සමුද්‍ර සන්ධියෙන් වටවුණු ස්පාඤ්ඤයට අයත්, මොරොක්කෝව ආසන්නයේ පිහිටි ‘සෙයුටා’ නමැති කුඩා ගොඩබිම් තීරයට අනවසර සංක්‍රමණිකයන් පිරිසක් කඩා වැදීමත් සමග දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තේය.
‘සෙයුටා’ බිම් තීරුවට කඩා වැදුණේ යුරෝපයට යෑමට උත්සාහ ගන්නා අනවසර සංක්රමණිකයන්ය. මොවුන් දිවි පරදුවට තබා මොරොක්කෝවේ සිට පිහිනා ‘සෙයුටා’ බලා පැමිණි බව වාර්තා වේ. එසේ පිහිනා ආ තිදෙනෙක් දියේ ගිලී මරණයට පත් වුණු බවත් තවත් පස් දෙනෙක් අතුරුදන් බවත් ස්පාඤ්ඤ වෙරළාරක්ෂකයෝ පසුව පැවැසූහ.
‘සෙයුටා’ බලධාරීන් පැවැසුවේ, පිහිනා ආ පිරිස අතරේ පිරිමින් පමණක් නොව, කාන්තාවන් සහ කුඩා දරුවන් ද සිටින බවය. මාපියන් තම දරුවන් තුරුලු කර ගනිමින් ඉතා අනතුරුදායක ලෙස පිහිනා ආ බව ද පැවැසෙයි.
ජාතික ආරක්ෂාවට මුල්තැන දෙමින්, දේශසීමා ආරක්ෂාව තහවුරු කිරීමට ස්පාඤ්ඤය බැඳී සිටින බවත්, ‘සෙයුටා’ ගොඩබිම් තීරුවේ පවතින නොසන්සුන්තා පාලනයට හමුදාව යෙදවීමට පියවර ගත් බවත් ස්පාඤ්ඤ විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
යුරෝපයට යෑමට උත්සාහ ගන්නා අනවසර සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගෙන රඳවා තැබෙන මධ්‍යස්ථානයක් ‘සෙයුටා’ හි ඇති බවත්, එය මේ වනවිට අනවසර සංක්‍රමණිකයන්ගෙන් පිරී ගොස් ඇති බවත් වාර්තා වේ. මෙම අනවසර සංක්‍රමණිකයන් උත්සාහ ගනිමින් සිටින්නේ යුරෝපය බලා යෑමටය. ඔවුන්ගෙන් වැඩිදෙනා උතුරු අප්‍රිකා රටවල වැසියන් බව ද පැවැසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd