තම ගනගාමීන් අභ්‍යවකාශයට රැුගෙන යෑම වෙනුවෙන් රුසියාවට ඩොලර් මිලියන 424 ක මුදලක් ලබා දෙන බව ඇමෙරිකාවේ නාසා ආයතනය  පවසයි.
ඇමෙරිකාවේ නාසා ආයතනය මීට පෙර ඔවුන්ගේ ගගනගාමීන් පෘථිවි කක්ෂයේ රඳවා ඇති අභ්‍යවකාශ නැවැතුම්පොළට රැගෙක ගියේ ඔවුන්ගේ ෂටලවලිනි.
එම ෂටල විශ‍්‍රාම යැවීමෙන් පසු, අභ්‍යවකාශ කටයුතු සඳහා රුසියානුවන්ගේ සහාය ලබා ගැනීමට නාසා ආයතනයට සිදුවිය.
අභ්‍යවකාශ ෂටල පවත්වාගෙන ගියේ නම්, මිලියන 424 කට වඩා වැඩි මුදලක් වැය වන බව ද  නාසා ආයතනය වැඩි දුරටත් කියා සිටී. ෂටල වැඩසටහන නිමාවට පත් වූයේ 2011 දීය.
රුසියාව ඔවුන්ගේ ගගන කටයුතුවලට යොදා ගන්නේ ෂටල නොව ගගන කැප්සියුලය. එම කැප්සියුල උඩු ගුවනට විදිණු ලබන්නේ රොකට්ටුවල ආධාරයෙනි.