IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


නව පාප්තුමන්ගේ පළමු දේව මෙහෙය චාමෙට

ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප්තුමන්ගේ ප‍්‍රථම දේව මෙහෙය ඊයේ (19) රෝමයේ වතිකානයේ ශාන්ත පීතර් චතුරස‍්‍රයේදී පැවැත්වුණු අතර දෙස් විදෙස් කිතුනු බැතිමත්හු දහස් ගණනක් එම අවස්ථාවට සහභාගී වූහ.
පාප් පදවියට පත් වීමෙන් පසු පාප්තුමා පවත්වන පළමු දේවමෙහෙය එතුමන්ගේ පදවිප‍්‍රාප්තිය ලෙස ද සැලකෙයි.
දේව මෙහෙය ඉතා චාම් අයුරින් පැවැත් වුණේ නව පාප්තුමන්ගේ උපදෙස් අනුවය.
වතිකාන මාධ්‍ය වාර්තා කළේ රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් 130 දෙනකු දේව මෙහෙයට සහභාගී වීමට පැමිණ සිටි බවය.
එම පිරිස අතර ඇමෙරිකානු උප ජනාධිපති ජෝ බයිඩන් මෙන්ම ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන ආජන්ටිනාවේ ජනපතිනී කි‍්‍රස්ටිනා ෆර්නෑන්ඬේස් ද සිටියහ.
අභිනවයෙන් පාප් පදවියට පත් වූයේ ආජන්ටිනාවේ බුවර්නෝස් අයර්ස් නුවර අගදරගුරු වූ     76 හැවිරිදි ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ ය.
පාප් පදවියට ලතින් ඇමෙරිකානු රටකට පිරිනැමුණු ප‍්‍රථම අවස්ථාව මෙය වන අතරම යුරෝපයෙන් බැහැර රටකට හිමි වූ ප‍්‍රථම අවස්ථාව ද මෙය වෙයි.
දුප්පතුන් වෙනුවෙන් කැපැවී කටයුතු කරන කළ අයකු ලෙස ප‍්‍රකට නව පාප්තුමන් චාම් දිවියක් ගත කරන්නකු වන අතර තම ආහාර තමා විසින්ම සකසා ගනී. පාප් ධුරයට පත් වීමෙන් පසු එතුමන්ට හිමිවූ ලිමොසීන් නිල රථය පවා එතුමන් ප‍්‍රතික්ෂේප කළ බව මාධ්‍ය වාර්තා කළේය.
ජේසුතුමන්ගේ ධර්මයේ මූලික ප‍්‍රතිපත්ති අනුව කටයුතු කිරීමටත් දුප්පතුන් වෙනුවෙන් කැප වී කටයුතු කිරීමටත් කතෝලික පල්ලිය මෙන්ම කතෝලික සභාව කටයුතු කළ යුතු යැයි පාප් පදවියට පත් වීමෙන් පසු එතුමන් අවස්ථා ගණනාවකදී පවසා ඇත.



අදහස් (0)

නව පාප්තුමන්ගේ පළමු දේව මෙහෙය චාමෙට

අජිත් Wednesday, 20 March 2013 11:58 AM

සුභපැතුම් ඔබතුමාට (දී)

:       0       0

අමිල Wednesday, 20 March 2013 11:58 AM

ඉතාමත් වැදගත් වැඩක් ඔබ තුමා ඉතා චාම් චරිතයක් බව අපි දන්නවා

:       0       0

ඩැනියල් Wednesday, 20 March 2013 01:24 PM

කෝ අපේ රටේ ඇමතිවරු.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site