IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නවාස් ෂරීෆ්ගේ ඇප ඉල්ලීම ඉවතට

සිර දඬුවම් විඳිමින් සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් ඇප ඉල්ලමින් කරන ලද අභියාචනය එරට අධිකරණයක් විසින් අද (25) ප්‍රතික්ෂේප කරනු ලැබීය. 

සෞදි අරාබියේ වානේ කර්මාන්තශාලාවක හිමිකාරීත්වය සනාථ කිරීමට නොහැකි වීම ඇතුළු වංචා දූෂණ චෝදනා කිහිපයක් හේතුවෙන් පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මේ වනවිට වසර හතක සිර දඬුවමක් විඳිමින් සිටී. 

හිටපු අග්‍රාමාත්‍යවරයා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා රෝහල් ගත වී තිබෙන අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සඳහන් කරමින් අදාළ අභියාචනය ඉදිරිපත් කර ඇත. 

හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ සෞඛ්‍ය තත්ත්වය ඇප ගැනීමට තරම් හේතුවක් නොවන බවත් ඔහුට අවශ්‍ය සියලු වෛද්‍ය පහසුකම් රෝහලේ තිබෙන ඇප අයඳුම්පත ප්‍රතික්ෂේප කරමින් අධිකරණය සඳහන් කළේය.

අධිකරණ තීන්දුවෙන් තමන් කනගාටුවට පත්වන බව නවාස් ෂරීෆ්ගේ සමීපතමයකු සහ පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍යවරයා වන ෂහීද් කඛාන් අබ්බාසි පැවැසීය.  “අපි මේ තීරණයෙන් කනගාටුවට පත්වෙනවා. එහෙත් අපේ පක්ෂය මේ තීන්දුවට ගරු කරනවා. අපි හැමවිටම අධිකරණ තීන්දුවලට ගරු කරනවා. ඉදිරියේදී අපි ගත හැකි සියලු නීතිමය පියවර ගන්නවා” යැයි හෙතෙම කීය. 

වංචා දූෂණ, ආදායම් උපයාගත් ආකාරය හෙළි කිරීමට නොහැකි වීම යනාදි චෝදනාවලට වරදකරු කරමින් පාකිස්තානය ශ්‍රේෂ්ඨාධිකරණය 2017 වසරේ ජූලි මාසයේදී හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් එම ධුරයෙන් ඉවත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට නුසුදුසු යැයි ද තීරණය කළේය. 

රොයිටර් ඇසුරිනි 

055



අදහස් (0)

නවාස් ෂරීෆ්ගේ ඇප ඉල්ලීම ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 93 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 896 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site