IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


නවසීලන්ත සංචාරකයන්ට ඕස්ට්‍රේලියාව තුළ වෙනම කලාපයක්

 
නවසීලන්ත වැසියන්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර දීම කෙරෙහි එරට බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ. ඒ අනුව නවසීලන්ත සංචාරකයන් සඳහා ඔස්ට්‍රේලියාවට තුළ වෙනම සංචාරක කලාපයක් නම් කෙරෙනු ඇතැයි පැවසේ.


‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දෙරටේ දේශසීමා වසා දමා තිබූ අතර දෙරටම දේශසීමා විවෘත කරන පළමු අවස්ථාව මෙය වනු ඇතැයි වාර්තා වේ.

මෙම නව පියවර සමඟ නවසීලන්ත වැසියන්ට ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් සඳහා පැමිණීමට අවසර ලැබෙන අතර ඔස්ට්‍රේලියාවේ උතුරු දෙසට ද ගමන් කිරීමට අවස්ථාව හිමි වේ.

ඔක්තෝබර් 16 වැනිදා සිට මෙලෙස දෙරට අතර ජාත්‍යන්තර දේශසීමා විවෘත වන අතර මෙලෙස පැමිණෙන සංචාරකයන්ට අනිවාර්ය නිරෝධායනයට යොමු වීම අවශ්‍ය නොවේ.

නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම රටවල් දෙක ඇතුළුව ලොව රටවල් සියල්ලම පාහේ සිය දේශසීමා වසා දැමීය.

සංචාරක බුබුළකට අවසර දීම දැන් හැකියාව ඇතැයි බලධාරීහු පෙන්වාදෙති. ‘සංචාර බුබුළු’ යනු නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය සාර්ථකව පාලනය කිරීමට සමත්වූ රටවල් දෙක අතර සිදුවන සංචලන ක්‍රියාකාරකම් ය.

ඒ අනුව නිරෝධායන ක්‍රියාවලියට යොමු නොවී ඒ ඒ රටවල් දෙක අතර මුහුදින්, ගොඩබිමෙන් හෝ ගුවනින් ගමන් කිරීමට දෙරටේ වැසියන්ට අවස්ථාව උදා වේ.

“ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර සංචාරක කලාපයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය සියලු පියවර ගෙන අවසන්” යැයි ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය මයිකල් මැක්කොමාක් පැවැසීය.

“රටවල් දෙක අතර සංචාරක බුබුළක් නිර්මාණය කිරීමට ගන්න පළමු පියවර මෙයයි. ඒ වගේම රට තුළ සංචාරය කිරීමට නවසීලන්ත වැසියන්ට පමණක් සීමා වෙනවා” යැයි ද හෙතෙම කීය.
ඔස්ට්‍රේලියානු වැසියන්ට නවසීලන්තයේ සංචාරය කිරීමට ලැබෙන්නේ කවදාද යන්න තීරණය කළ යුත්තේ අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩෙන් බව ද හෙතෙම කීවේය.

නවසීලන්ත වැසියන්ගෙන් නව කොරෝනා වයිරසය ආසාදනය වීමේ අඩු අවදානමක් ඇති බවත් එරට තුළ වයිරසය පැතිර යන ස්ථාන පෙනෙන්නට නැති බවත් නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා කීය.

නවසීලන්තයෙන්, එනම් රට තුළින් අවසන් වරට නව කොරෝනා වයිරස ආසාදිතයකු හඳුනාගෙන ඇත්තේ අගෝස්තු 21 වැනිදා ය.

ප්‍රාන්ත සහ ජාත්‍යන්තර දේශසීමා විවෘත කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් ආණ්ඩුව උත්සාහ කළ ද ප්‍රාදේශීය බලධාරීන්ගෙන් ඊට විරෝධයක් එල්ල වී තිබේ. නව කොරෝනා වයිරසය හේතුවෙන් අන් බොහෝ රටවල මෙන් ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය ද දරුණු පසුබෑමකට ලක්ව ඇත. ගෝලීය වසංගතය හේතුවෙන් එරට සංචාරක කර්මාන්තයට ද විශාල බලපෑමක් එල්ල විය.

ඔස්ට්‍රේලියාව වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට සමත් වුවද එරට තුළ දෙවැනි රැල්ලක අවදානමක් හටගත්තේ ය. විශේෂයෙන්ම වික්ටෝරියා ප්‍රාන්තය සහ එම ප්‍රාන්තයේ අගනුවර වන මෙල්බර්න් නුවර වේගයෙන් වයිරසය පැතිර යෑමට පටන් ගත්තේ ය. කෙසේ නමුත් මේ වනවිට එම තත්ත්වය පහළ යමින් තිබේ.

නවසීලන්තයේ මේ දක්වා වාර්තා වී ඇති නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 1,848ක් වන අතර එරටින් වාර්තා වී ඇති මරණ ගණන 25කි. ඔස්ට්‍රේලියාවෙන් වයිරස ආසාදිතයන් 27,000කට වැඩි ගණනක් වාර්තා වී ඇති අතර වාර්තා වී ඇති මරණ ගණන 888කි.

ඒ.එෆ්.පී./රොයිටර්

055



අදහස් (1)

නවසීලන්ත සංචාරකයන්ට ඕස්ට්‍රේලියාව තුළ වෙනම කලාපයක්

de silva Friday, 02 October 2020 03:34 PM

ඔය කියන සංචාරක කලාපයට සෙට් වෙන්න අපිට බැරිද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 369 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 434 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 403 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site