
ඇමෙරිකාව සහ ඉරානය අතර ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ඉහළ පෙළේ සාකච්ඡාවල පළමු දිනයේදීම, ‘සාර්ථක ප්‍රගතියක්’ අත්කර ගැනීමට දෙපාර්ශවය සමත්ව ඇතැයි මෙම අර්බුදයට මැදිහත් වී සිටින මැදිහත්කරුවන් ලෙස කටයුතු කරන පාකිස්තානය සහ කටාර් රාජ්‍යය පවසයි.
සාකච්ඡා පැවැත්වෙන්නේ අවබෝධතා ගිවිසුමකට අනුවය. එම ගිවිසුමට අනුව, ඉදිරි දින 60 ඇතුළත අවසන් එකඟතාවකට පැමිණීම සඳහා වන ‘මාර්ග සිතියමකට’ ඇමෙරිකාව සහ ඉරානය එකඟ වී ඇත.
ඇමෙරිකාව සහ ඉරානය අතරේ එකඟතාවක් ඇති කර ගැනීමට ඇති බාධාව වන්නේ, ඊශ්‍රායලය ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම එල්ල කරන ප්‍රහාරය. ඉරානය ඉල්ලා ඇත්තේ, ඊශ්‍රායලය වහාම එම ප්‍රහාර නැවැත්විය යුතු බවය. නැතිනම් යළිත් වරක් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට කටයුතු කරන බවට ඉරානය ඇමෙරිකාවට අනතුරු අඟවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd