නවසීලන්ත රජයට නව ජාතික කොඩියක් තෝරා ගැනිම සදහා ජනමතවිචාරණයක් මේ දිනවල පැවැත්වෙයි.නව ජාතික කොඩි නිර්මාණය කිරීමට පසුගිය දා තරඟයක් පැවැත්විණි. ඉන් තෝරාගත් නිර්මාණ පහක් ජනමතවිචාරණයට ඉදිරිපත් කර ඇත.
තම රටට සුදුසු ජාතික කොඩිය තෝරාගැනීමට මනාපය දීමේ අවස්ථාව එරට වැසියන්ට මාසයක කාලයක් පුරා හිමිව තිබේ. අගමැති ජෝන් කේ පවසන්නේ දැන් පවතින ජාතික ධජය නවසීලන්තයේ වර්තමාන ස්වරූපය නියෝජනය නොකරන බවයි. එය ඕස්ට්‍රේලියා ජාතික කොඩියට බොහෝ සමාන කොඩියකි.
දැන් පැවැත්වෙන ජනමතවිචාරණයෙන් වැඩි කැමැත්ත ඇති කොඩියක් තෝරාගත්ත ද එය රටේ ජාතික කොඩිය ලෙස පිළිගන්නවා ද නැද්ද යන්න තීරණය කිරීමට යළිත් ජනමතවිචාරණයක් පවත්වන බව නවසීලන්ත රජය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රජාතත්ත්‍රවාදී රටක් කියලා එයාලා කරන හැමදෙයක්ම අපේ රටට ආදර්ශයක් වෙන්නේ නැහැ. අපිට ජාතික කොඩි තිබුනේ වසර දහස් ගණනකටත් පෙර සිටයි (නි)
බොහොම හොඳ අදහස් විමසීමක් (නි)
මේ යන විදියෙන් පෙනෙන්නේ අපේ කොඩියත් වෙනස්වෙන තැනට වැඩ සිද්ධවෙනවා වගේ (නි)
හොඳ ක්‍රමයක් (නි)
ප්‍රජාතත්ත්‍රවාදී රටක්. අපේ රටටත් හොඳ ආදර්ශයක්. (ස)
මෙහෙම කළ එක ඉතා හොඳයි (නි)
නවසීලන්තය සාමකාමී රටක්. ජනතාවගේ මතයට ගරුකරන රටක්. (නි)