ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි පැරණි ගොඩනැගිල්ලක් කඩා වැටීම නිසා පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර විසිපස් දෙනෙක් තුවාල ලැබූහ. තුවාල ලැබූ පිරිසගේ තත්ත්වය බරපතල බව වාර්තාවෙයි.
තවත් 20 දෙනෙකු පමණ කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී සිටීදැයි සෙවීමට සහන කණ්ඩායම් යුහුසුලූ වෙමින් සිටිති.
කඩා වැටුණ ගොඩනැගිල්ලට යාව ඇති ගොඩනැගිල්ලේ සිටි පිරිස් ඉවත් කර ඇතැයි පොලිසිය කියයි. ගිනි නිවන හමුදා භට පිරිස්ද නවදිල්ලියේ චන්දි ඩෝර්ක් ප‍්‍රදේශයේ පිහිටා ඇති පැරණි ගොඩනැගිල්ල දෙසට පැමිණි බව රොයිටර් ඡුායාරූප ශිල්පියෙක් පැවසීය.
කුපිත වූ පිරිසක්, තුවාලකරුවන් ප‍්‍රතිකාර ලබන පිරිස් බැලීමට රෝහලට පැමිණි ඉන්දියාවේ විදුලි සංදේශ ඇමැති කපිල් සිඩාල්ගේ රිය පෙළ හරස්කර විරෝධය දැක්වූහ.
මෙම ගොඩනැගිල්ල කඩා වැටුනේ යාබද ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු නිසා මතුවූ පීඩනය නිසා යැයි එන්.ඞී. රූපවාහිනිය කියා සිටී.
අනුමැතියකින් තොරව, ගොඩනැගිලි කොන්ත‍්‍රාත්කරුවන් ගොඩනැගිලිවල තට්ටු වැඩි කිරීමට යාම නිසා ඉන්දියාවේ මෙවැනි සිද්ධීන් බහුල වී තිබේ.
1
නියාමනයෙන් පස්සේ ත්රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd