ඇමෙරිකාවේ නිව්ජර්සියේ එළිසබෙත් දුම්රියපොළේ බෝම්බයක් අද (19) නිශ්ක්රීය කිරීමට බෝම්බ නිශ්ක්රීය කරන පොලිස් නිලධාරීන් උත්සාහ කරද්දී එය පිපිරී ගිය බව රොයිටර් පුවත් සේවය කියයි.
කසළ බඳුනක් අසල තිබු සැක සහිත පාර්සලයක් පරික්ෂා කිරීමේදී බෝම්බය හමු වී ඇති අතර රොබෝ තාක්ෂණය භාවිතයෙන් එය නිෂ්ක්රිය කිරීමේදී පුපුරා ගොස් තිබේ.
සැක කටයුතු බැගයක් දැක එය පරික්ෂා කළ දෙදෙනෙකු එහි වයර් සහිත විද්යුත් කට්ටල තිබෙනු දැකීමෙන් අනතුරුව පොලිසියට දැනුම් දී ඇතැයි කියති.ඔවුන් දෙදෙනාගේ නිවැරදි ක්රියා මාර්ගය නිසා සිදුවීමට ගිය විනාශයක් වළක්වාගැනීමට හැකි වූ බව බලධාරීහු සදහන් කරති. පසු ගිය සති අන්තයේ බෝම්බ පිපිරීම් තුනක් නිව්යෝර්ක්,නිව් ජර්සි සහ මිනසෝටා ප්රදේශ වලින් වාර්තා විය.
මෙම බෝම්බ පිපිරීම වාර්තා වූයේ නිව්යෝර්ක්හි මැන්හැට් පෙදෙසේ බෝම්බයක් පිපිරී 29 දෙනකුට තුවාල සිදුවීමේ සිද්ධියෙන් පසුවය. එම සිද්ධිය සමබන්ධයෙන් 05 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
නිව්යෝර්ක් නගරයේ දී එෆ්බීඅයි පොලිස් පරීක්ෂකයන් පැවසුවේ බෘක්ලින්හිදී සැකකටයුතු වාහනයක් නතර කළ නමුත් කිසිවකු අත්අඩංගුවට නොගත් බවයි.

COMMENTS
මහ ලොකු කයිය නම් තියෙනවා. බෝම්බයක් වත් නිෂ්ක්රීය කර ගන්න බෑ..(හේ)
ඇමෙරිකාව ත්රස්තවාදය බිහි කළ රටට අද මෙවැනි විපත් සිදු වේ (අ)