IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘නාරී’ සුළි කුණාටුව වියට්නාමයට කඩා වදී

‘නාරී’ නමැති ප‍්‍රචණ්ඩ සුළි කුණාටුව ඊයේ (14) පිලිපීනය පසුකර වියට්නාමයට කඩා වැදුණේය.
සුළි කුණාටුව ගැන කල්තියා අනතුරු ඇඟවීමට වියට්නාම කාලගුණ බලධාරීන්ට හැකි වූ නිසා, වෙරළාශි‍්‍රතව ජීවත් වූ 60,000 කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගැනිණ.
සුළි කුණාටුවෙන් වැඩිපුර බලපෑම් එල්ල වූයේ, තුවා තියෙන් හුයේ සහ ඩා නැන්ග් නමැති වෙරළාශි‍්‍රත පළාත්වලට යැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
හටගත් ජල ගැලීම් හේතුවෙන් ගම්මාන සහ කුමුරු රැසක් ජලයේන යට වී ගියේය. සිදුවුණු හානිය මෙතෙක් ගණන් බලා නැත. 15 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව ද ඊයේ සවස් වනවිට වාර්තා විය.
අනාරක්ෂිත ප‍්‍රදේශවල පදිංචිකරුවන්, මේවනවිට  ප‍්‍රජා ශාලා සහ පාසල්වල රැඳී සිටින බවත්, ඔවුන්ට අවශ්‍ය සහනාධාර ලබා දීමට රජය පියවර ගෙන ඇති බවත් වාර්තා වේ. සහනාධාර ලබා දීමට හමුදාවේ ද සහාය ලබා ගෙන ඇතැයි ද පැවැසෙයි.
සෑම වසරකම ප‍්‍රබල සුළි කුණාටු 10 ක් වියට්නාමයට කඩා වදී. ඉකුත් සැප්තැම්බරයේ සිට කඩා වැදුණු සුළි කුණාටු හේතුවෙන් 40 දෙනකු ජීවිතක්ෂයට පත් ව ඇතැයි වියට්නාම බලධාරීහු කියා සිටිති.



අදහස් (0)

‘නාරී’ සුළි කුණාටුව වියට්නාමයට කඩා වදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 19 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 702 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site