සිය ගණනක් කුරුළු නිරීක්ෂකයන් හා වනජීවී ඡායාරූප ශිල්පීන් පසුගිය දා එංගලන්තයේ බ්‍රේඩොන් වෝටර් නමැති තෙත් බිම් රක්ෂිතයට එක්ව සිටින්නේ ලොව අති දුර්ලභ කුරුල්ලකු දැක ගැනීමේ අපේක්ෂාවෙනි.
ඕස්ට්‍රේලියාව නිජබිම් කැරගත් මේ දුර්ලභ කුරුල්ලා හඳුන්වන්නේ ග්‍රේට් නොට් නමිනි. සංචාරක පක්ෂියකු ලෙස එංගලන්තයට පැමිණෙන මේ කුරුල්ලකු 1989 න් පසු එංගලන්තයේ දී දැක ඇත්තේ තුන් වතාවක් පමණි.
ග්‍රේට් යාමවුත් ප්‍රදේශයේ පිහිටා ඇති එංගලන්තයේ විශාලතම තෙත් බිම් රක්ෂිතය වන බ්‍රේඩොන් වෝටර් හි පසුගිය ඉරිදා ග්‍රේට් නොට් වර්ගයේ පක්ෂියකු සිටින ආරංචියක් පැතිර ගියේය. මේ දැනගත් පක්ෂි නිරීක්ෂකයෝ සහ වනජීවී ඡායාරූප ශිල්පීහු වැල නොකැඩී එතැනට පැමිණෙන්නට වූහ.
කලකට පැමිණෙන කාලයක් නොපැමිණෙන කලාතුරකින් දැකිය හැකි මේ ගුප්ත කුරුල්ලා සයිබීරියාවෙ තුන්ද්‍රා පරිසරයන්හි සිය පැටවුන් බෝකරන බව පරිසරවේදීහු කියති. ඔවුන් පවසන්නේ ලෝකය පුරා මේ වර්ගයේ කුරුල්ලන් සිටින්නේ 380,000 ට ආසන්න පිරිසක් බවයි. මේ සංඛ්‍යාව ද ඉතා සීඝ්‍රයෙන් අඩුවේගෙන යන බව ඔවුහු කියති.
මේ කුරුල්ලන් අවසන්වරට දැකබලා ගැනීමට හැකි වූයේ 2004 වර්ෂයේ දී ලැන්ක්ෂයර් දී බව වාර්තා වී ඇත. ග්‍රේට් නොට් එංගලන්තයට පැමිණ ඇති බව දැන ගැනීමත් සමග යුරෝපය පුරා සටින කුරුළු නිරීක්ෂකයෝ ග්‍රේට් නොට් දැකබලා ගැනීමට එංගලන්තයට පැමිණෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර සෙනඟක්නෙ. (අ)
එංගලන්තයේ කිරුල හිමි කුමාරයාගේ උත් පත්තිය වාර්තා කිරීමට පැමිණියාට වඩා පිරිසක් නේ බොලේ කුරුල්ලා වෙනුවෙන් ඇවිත් ඉන්නේ ! (අ)
කාක්කා වගේ කුරුල්ලෙක් (නි)
කුරුල්ලාව මුලින්ම දැක්කේ කවුද දන්නෙ නැහැ (නි)
මේ අර 'සී ගෝල්' කියලා හඳුන්වන අය, මම හිතන්නේ! (නි)